


Share your perspective
Please log in to share your thoughts and join the discussion.
Loading comments...
Fetching the latest discussions
1978 අංක 41 දරණ නාගරික සංවර්ධන අධිකාරී පනතේ විධිවිධාන අනුව අධිකාරිය භාරව සිටින අමාත්‍යවරයා විසින් ප්‍රකාශයට පත් කරන ලද නාගරික ප්‍රදේශයන්හි ඒකාබද්ධ සැලසුම්කරණය ප්‍රවර්ධනය කිරීම සහ සංවර්ධන සැලසුම් හා රෙගුලාසි සකස් කිරීම සහ ක්‍රියාත්මක කිරීම උදෙසා 1982 අංක 04 දරණ (සංශෝධන) පනතේ 8(ආ)(1) කොටස මඟින් අධිකාරියට නියාමන බලය ස්ථාපනය කර ඇත.
බස්නාහිර පළාතේ උතුරු අලුත්කෝරළයේ දූනගහ පත්තුවට අයත් වැඩි කොටසකුත්, ඕතර පත්තුවට හා රාගම පත්තුවට අයත් කුඩා කොටස් දෙකකිනුත් කටාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය සමන්විත වේ.
කටාන, ජා-ඇල, මිනුවන්ගොඩ හා දිවුලපිටිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් ග්‍රාම නිලධාරී වසම් 37 ක් එකතු කිරීමෙන් 1978 දී කටාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය පිහිටුවන ලදී.
1980 අංක 35 දරණ පනත මඟින් හඳුන්වා දුන් දිස්ත්‍රික් සංවර්ධන සභා ක්‍රමය යටතේ පිහිටුවන ලද පළාත් පාලන ආයතන අතරින් නගර සභා 11 ඇතුළුව කටුනායක–සීදුව නගර සභාවත්, ග්‍රාමීය ප්‍රදේශයන්හි පරිපාලන කටයුතු සඳහා පිහිටුවන ලද ප්‍රාදේශීය සභා 12 අතර කටාන ප්‍රාදේශීය සභාවද වේ.
2001.02.20 දිනැති අංක 1172/7 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රය මඟින් කටාන ප්‍රාදේශීය සභාවත්, කටුනායක–සීදුව නගර සභා බල ප්‍රදේශයත් නාගරික සංවර්ධන බල ප්‍රදේශයක් බවට පත් කරන ලදී. ඒ අනුව ග්‍රාම නිලධාරී කොට්ඨාශ 79 කින් සමන්විත කටාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයම නාගරික සංවර්ධන බල ප්‍රදේශයක් බවට පත් විය.
මේ වන විට නාගරික සංවර්ධන අධිකාරිය – ගම්පහ දිස්ත්‍රික් කාර්යාලය මඟින් 2013–2033 කාල සීමාව සඳහා සකස් කළ කෙටුම්පත් සංවර්ධන සැලැස්මක් කටුනායක–සීදුව නගර සභා ප්‍රදේශය සඳහා තිබුණද, එහි පැවති ගැටලු කිහිපයක් හේතුවෙන් එය ගැසට් කරන ලද සංවර්ධන සැලැස්මක් බවට පත්වී නොමැත.
තවදුරටත් කටාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය සඳහා ගැසට් කර ඇති නගර සංවර්ධන සැලැස්මක් නොමැති බැවින්, 2019 සැප්තැම්බර් මාසයේ සිට උපාය මාර්ගික සංවර්ධන සැලැස්ම සකස් කිරීම සම්බන්ධ කටයුතු සිදු කර ඇත.
කටාන සංවර්ධන සැලැස්ම ප්‍රාදේශීය මට්ටමේ සංවර්ධන සැලැස්මක් වන අතර, 2024–2033 කාල සීමාව දක්වා මෙම නගර සංවර්ධන සැලැස්ම වලංගු වේ.
එමඟින් කටුනායක–සීදුව නගර සභා සීමාව සහ කටාන ප්‍රාදේශීය සභා බල සීමාව තුළ හඳුනාගත් ගැටලු සඳහා විසඳුම් ලබාදීමත්, පවතින සංවර්ධන විභවතාවන් උපරිම ලෙස භාවිතා කිරීම මඟින් ප්‍රදේශය සංවර්ධනය කිරීමත් අපේක්ෂා කරනු ලැබේ.