


Share your perspective
Please log in to share your thoughts and join the discussion.
Loading comments...
Fetching the latest discussions
"නගර 10 සංවර්ධන වැඩ සටහන" යනු 2026 වසර සඳහා ඉදිරිපත් කරන ලද රජයේ අයවැය යෝජනාවලිය යටතේ හඳුන්වා දුන් නාගරික සංවර්ධන ක්ෂේත්රයේ විධිමත්, ප්‍රමුඛතාගත සහ දත්ත මත පදනම් වූ ප්‍රවේශයක් ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගත් මූලික වැඩසටහනකි. මෙම වැඩසටහන මගින්, පසුගිය කාලයේ ප්‍රමාණවත් සැලසුම්කරණයක්, ශක්‍යතා ඇගයීම් හා ආයතන අතර සම්බන්ධීකරණයක් නොමැතිව ක්‍රියාත්මක වූ නාගරික සංවර්ධන කටයුතු හේතුවෙන් ඇති වූ ගැටළු විසඳීමට බලාපොරොත්තු වේ. මෙම වැඩසටහන යටතේ, යාපනය, මාතලේ, හැටන්, මඩකලපුව, හලාවත, තඹුත්තේගම, වවුනියාව, ඇහැළියගොඩ, බදුල්ල සහ මාතර යන තෝරාගත් නගර 10 සඳහා ප්‍රමුඛතා ගත ව්‍යාපෘති සමඟ ඒකාබද්ධ සංවර්ධන සැලසුම් සකස් කිරීම කෙරේ. මෙම නගර තෝරාගැනීම ඒවායේ ප්‍රාදේශීය වැදගත්කම, සංවර්ධන විභවතාව සහ ජාතික නාගරික ධුරාවලිය ශක්තිමත් කිරීමේ භූමිකාව මත පදනම්ව සිදුකර ඇත. මෙම වැඩසටහන්නේ ප්‍රධාන අරමුණ වන්නේ ජාතික ප්‍රතිපත්ති සමග සංවර්ධන ක්‍රියාමාර්ග සම්බන්ධ කිරීම, පහසුකම් හා සේවා සැපයුම වැඩිදියුණු කිරීම, ආර්ථික අවස්ථා වැඩි දියුණු කිරීම, සහ සංචාරක ආකර්ෂණය වර්ධනය කිරීම මගින් කාර්යක්ෂම, තිරසාර හා ආයෝජන සඳහා සුදුසු නගර මධ්‍යස්ථාන නිර්මාණය කිරීමයි. සැලසුම් ක්‍රියාවලිය විධිමත් හා පාර්ශවකරුවන්ගේ සහභාගීත්වය ඇති ක්‍රියාවලියක් වන අතර එයට පහත අංග ඇතුළත් වේ:
සංවර්ධන ගැටළු සහ අවස්ථා හඳුනා ගැනීම
කෙටුම්පත් සංවර්ධන සැලසුම් සහ ව්‍යාපෘති යෝජනා සකස් කිරීම
පළාත් පාලන ආයතන, අනෙකුත් අදාළ රේඛීය ආයතන සහ විශේෂඥයින් සමඟ සාකච්ඡා පැවැත්වීම
නියමිත නිර්ණායක මත ව්‍යාපෘති ප්‍රමුඛතා ගත කිරීම
අදාළ රේඛීය ආයතන හඳුනාගෙන සම්බන්ධීකරණ යාන්ත්‍රණ ස්ථාපිත කිරීම