


මෙම පළ කිරීම සඳහා අදහස් සබල කර නොමැත.
අදහස් එක් වෙමින් පවතී...
Fetching the latest discussions
1978 අංක 41 දරණ නාගරික සංවර්ධන අධිකාරී පනත යටතේ නාගරික සංවර්ධන අධිකාරිය පිහිටුවා ඇති අතර, 1982 අංක 4 දරණ සංශෝධන පනත මඟින් නාගරික සංවර්ධන බල ප්‍රදේශ ලෙස ප්‍රකාශයට පත් කරනු ලබන ප්‍රදේශයන්හි භෞතික, ආර්ථික, සමාජීය හා පාරිසරික අංශ සංවර්ධනය කිරීම සඳහා ඒකාබද්ධ සංවර්ධන සැලසුම් සකස් කිරීම අධිකාරියේ ප්‍රධාන කාර්යභාරය වේ.
ඒ අනුව, නාගරික සංවර්ධන බල ප්‍රදේශ ලෙස ප්‍රකාශයට පත් කරන ලද ප්‍රදේශයන්හි සමාජ, ආර්ථික හා භෞතික යටිතල පහසුකම් සංවර්ධනය කිරීම අරමුණ කර ගනිමින් විධිමත් සංවර්ධන සැලසුම් සකස් කර ක්‍රියාත්මක කිරීම සිදු කරයි.
මෙම කලුතර සංවර්ධන සැලැස්ම 2020 – 2030 කාලසීමාව සඳහා සකස් කර ඇති අතර, වර්තමානයේ පවතින භෞතික, ආර්ථික, සමාජීය හා පාරිසරික ගැටලු සැලකිල්ලට ගනිමින් සැලසුම් බල ප්‍රදේශය පුළුල් කරමින් යාවත්කාලීන කිරීම අවශ්‍ය වී ඇත.
කලුතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් නගර සභා සහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ ඒකාබද්ධ කරමින්, එම ප්‍රදේශ නාගරික සංවර්ධන බල ප්‍රදේශ ලෙස ගැසට් නිවේදන මඟින් ප්‍රකාශයට පත් කර ඇත.
ඒ අනුව, අතිවිශේෂ ගැසට් නිවේදන කිහිපයක් මඟින් නගර සභා සහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ නාගරික සංවර්ධන බල ප්‍රදේශ ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර, ඒවා ඒකාබද්ධ කරමින් සමස්ත ප්‍රදේශය ආවරණය වන පරිදි සංවර්ධන සැලැස්ම සකස් කර ඇත.
මෙම සැලසුම් බල ප්‍රදේශය තුළ පවතින භෞතික, ආර්ථික, සමාජීය හා පාරිසරික වත්කම් හඳුනාගෙන, සංචාරක, කෘෂිකාර්මික, ධීවර හා වාණිජ ක්ෂේත්රයන්හි විභවතා වැඩිදියුණු කිරීම මෙහි ප්‍රධාන අරමුණ වේ.
දේශීය හා විදේශීය ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීමත්, ප්‍රදේශයේ ජනතාවට උසස් ජීවන තත්ත්වයක් සහිත පරිසරයක් නිර්මාණය කිරීමත්, නාගරික ගැටලු අවම කරමින් තිරසාර සංවර්ධනයක් ඇති කිරීමත් මෙම සංවර්ධන සැලැස්මේ දිගුකාලීන අරමුණ වේ.
ඒ අනුව, කලුතර සංවර්ධන සැලැස්ම 2020 – 2030 කාලසීමාව සඳහා ප්‍රාදේශීය මට්ටමේ උපායමාර්ගික සංවර්ධන සැලැස්මක් ලෙස සම්පාදනය කර ඇත.