


මෙම පළ කිරීම සඳහා අදහස් සබල කර නොමැත.
අදහස් එක් වෙමින් පවතී...
Fetching the latest discussions
නාගරික සංවර්ධන අධිකාරිය, ශ්රී ලංකාවේ සංවර්ධන නියාමන අධිකාරිය වන අතර, 1978 අංක 41 දරණ නාගරික සංවර්ධන අධිකාරි පනත මගින් රටේ ප්රධාන නාගරික සැලසුම් ක්රියාත්මක කිරීමේ නියෝජිත ආයතනය ලෙස ක්රියා කිරීමට බලය ලබාදී ඇත. සංවර්ධනය සදහා මග පෙන්වීම සහ ප්රවර්ධනය කිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරී ප්රකාශිත බල ප්රදේශ සදහා සංවර්ධන සැලසුම් සකස් කිරීම 1982 අංක 4 දරණ නාගරික සංවර්ධන අධිකාරි සංශෝධන පනත මගින් නාගරික සංවර්ධන අධිකාරිය වෙත ලබාදී ඇති ප්රධාන බලතල වලින් එකකි. නගරයක සාමාජීය, ආර්ථික, භෞතික සහ පාරිසරික ක්රියාකාරකම්හි ප්රවණතා පදනම් කර ගනිමින් නගරයේ අනාගතය සඳහා සංවර්ධන සැලසුමක් සකස් කිරීම ආරම්භ කරනු ලබයි. මෙම තතත්වයන් සැලකිලට ගනිමින් අනාගත දැක්මක් සහිතව නගරයේ යහපැවැත්ම සහ නගරයේ නව සංවර්ධන ප්රවනතාවයන්ගෙන් ප්රයෝජන ගැනීමටත් සංවර්ධන ප්රදේශයේ වැසියන්ට සංවර්ධන ප්රතිලාභ ලබාදීම උදෙසාත් මෙම සංවර්ධන සැලසුම් සකස් කරනු ඇත.
ඒ අනුව කිලිනොච්චි නාගරික ප්රදේශය 1978 අංක 41 දරණ නාගරික සංවර්ධන අධිකාරි පනත යටතේ අංක 16449 දරණ 200 මාර්තු මස 9 වන දින අතිවිශේෂ ගැසට් නිවේදන මගින් නාගරික සංවර්ධන ප්රදේශයක් ලෙස ප්රකාශයට පත්කොට ඇත. ඒ අනුව ප්රදේශයේ සංවර්ධනයන්ට මගපෙන්වීම සහ තිරසාර සංවර්ධනය ප්රවර්ධනය කිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය විසින් පවරන ලද බලතල අනුව මෙම සංවර්ධන සැලැස්ම සකස් කිරීම ආරම්භ කරන ලදී.