


මෙම පළ කිරීම සඳහා අදහස් සබල කර නොමැත.
අදහස් එක් වෙමින් පවතී...
Fetching the latest discussions
නගරයක් තුළ පවතින ආර්ථික, සමාජීය, පාරිසරික, දේශපාලනික හා සංස්කෘතික සාධක මත නගරයේ අනාගත දිශානතිය තීරණය වන අතර, එය නගරයේ සංවර්ධනයට වැඩි අඩු වශයෙන් බලපෑමක් සිදු කරනු ලබයි. සංවර්ධන සැලසුම් සකස් කිරීම සඳහා වූ මූලාරම්භය මෙම සංරචකයන් මත තීරණය වන අතර, එමඟින් අනාගත සංවර්ධනයේ ප්‍රගතිය තීරණය වේ.
1978 අංක 41 දරණ නාගරික සංවර්ධන අධිකාරි පනතේ 8 (අ) වගන්තියේ බලතල ප්‍රකාරව අදාළ විෂය භාර අමාත්‍යවරයා විසින් නාගරික සංවර්ධන ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කරනු ලබන බල ප්‍රදේශයන් සඳහා සංවර්ධන සැලැස්මක් පිළියෙල කිරීමේ කාර්යභාරය 1982 අංක 4 දරණ නාගරික සංවර්ධන අධිකාරි (සංශෝධිත) පනතේ 8 (අ) වගන්තිය මඟින් නාගරික සංවර්ධන අධිකාරියට පවරා ඇත.
1978 අංක 41 දරණ නාගරික සංවර්ධන අධිකාරි පනතේ 3 (I) සහ 3 (II) යන වගන්ති යටතේ යම් ප්‍රදේශයක් නාගරික සංවර්ධන බල ප්‍රදේශයක් ලෙස විෂය භාර අමාත්‍යවරයා විසින් ප්‍රකාශයට පත් කිරීමත් සමඟ එම ප්‍රදේශය සඳහා ඒකාබද්ධ සැලසුම් සකස් කිරීම නාගරික සංවර්ධන අධිකාරිය විසින් සිදු කරනු ලබයි. නාගරික සංවර්ධන අධිකාරිය විසින් පිළියෙල කරනු ලබන එම සංවර්ධන සැලසුම්වල මූලික පදනම වන්නේ ප්‍රදේශයේ භෞතික, සමාජීය, ආර්ථික සහ පාරිසරික සංවර්ධනයක් අපේක්ෂා කිරීමයි.
ඉහත සඳහන් බලතල ප්‍රකාරව වර්ෂ 1989 අගෝස්තු මස 4 වන දින අංක 144 දරණ ගැසට් නිවේදනයට අනුව සීතාවකපුර නගර සභා බල ප්‍රදේශය නාගරික සංවර්ධන ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත. එම ප්‍රදේශය සඳහා කලාපීකරණ රෙගුලාසි සහිත සංවර්ධන සැලැස්මක් 1999–2001 කාලසීමාවට බලපැවැත්වෙන ලෙස 1999 මාර්තු මස අංක 1072/7 දරණ අති විශේෂ ගැසට් නිවේදනයක් මඟින් නාගරික සංවර්ධන අධිකාරිය විසින් පිළියෙල කර ප්‍රකාශයට පත් කර ඇත.
තවද, නාගරික සංවර්ධන අධිකාරිය විසින් සංශෝධිත කලාපීකරණ රෙගුලාසි සැලැස්මක් 2009 සිට බලපැවැත්වෙන පරිදි පිළියෙල කර ඇති අතර, එය 2009 නොවැම්බර් මස 16 වන දින අංක 1628/47 දරණ අති විශේෂ ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත් කරන ලදී. එම කාලයේ සිට අද දක්වා මෙම ප්‍රදේශයේ සංවර්ධන කටයුතු පාලනය කරනු ලබන්නේ එම රෙගුලාසි අනුවය.