


මෙම පළ කිරීම සඳහා අදහස් සබල කර නොමැත.
අදහස් එක් වෙමින් පවතී...
Fetching the latest discussions
නගර සංවර්ධන සැලැස්ම නගරයක අනාගතය තීරණය කරන ප්‍රධාන සාධකයක් වේ. එම සැලැස්ම සකස් කිරිම සඳහා ප්‍රදේශයේ සමාජ, ආර්ථික, භෞතික හා පාරිසරික සාධක පාදක කරගනී. ශ්‍රී ලංකාවේ නගර සංවර්ධනයේ නියාමන ආයතනය ලෙස කටයුතු කරනු ලබන්නේ නාගරික සංවර්ධන අධිකාරිය වන අතර, මෙම අධිකාරියට 1978 අංක 41 දරණ නාගරික සංවර්ධන අධිකාරි පනත යටතේ ප්‍රකාශිත සංවර්ධන ප්‍රදේශ සඳහා නාගරික සැලසුම් සකස් කිරීමේ හා ක්‍රියාත්මක කිරීමේ බලතල පැවරී ඇත. ඉහත පනතේ 3 (අ) වගන්තිය යටතේ පැවරී ඇති බලතල ප්‍රකාරව යම්කිසි ප්‍රදේශයක් නාගරික සංවර්ධන ප්‍රදේශයක් ලෙස ගැසට් මඟින් ප්‍රකාශයට පත්කිරීමෙන් අනතුරුව එම ප්‍රදේශය සඳහා සංවර්ධන සැලැස්මක් සකස් කිරිම අධිකාරියෙහි ප්‍රධාන කාර්ය භාරය වේ. ඒ සඳහා නීතිමය පදනම 1978 අංක 41 දරණ නාගරික සංවර්ධන අධිකාරී පනතට අනුව සකස් කරන ලද 1982 අංක 04 දරණ සංශෝධිතපනත මඟින් සපයා ඇත.
හක්මන නාගරික සංවර්ධන ප්‍රදේශය අංක 1286/7 දරණ 2003.04.29 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රය මඟින් නාගරික සංවර්ධන ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇත. ඒ සඳහා හක්මන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නගර මධ්‍යයෙහි වර්ග කිලෝමීටර් 3.06ක (හෙක්ටයාර් 306.73) භූමි ප්‍රමාණයකින් යුත් ග්‍රාම නිලධාරී වසම් 11ක කොටස් ඇතුලත් වේ. හමන නාගරික සංවර්ධන ප්‍රදේශය සදහා මෙතෙක් සංවර්ධන සැලැස්මක් සකස් කර නොමැති බැවින් ප්‍රදේශයෙහි පවත්නා ආර්ථික, සාමාජීය, භෞතික හා පාරිසරික තත්ත්වයන් පිළිබඳ අධ්‍යයනයක් සිදු කරන ලදි. එමඟින් දැනට පවත්නා ගැටළු හා විභවතා හඳුනා ගෙන එම විභවතා ප්‍රශස්ථ අන්දමින් භාවිතයට ගනිමින් වර්තමානයේ පවත්නා ගැටළු අවම කර ගැනීමත් අනාගතයේ ඇතිවන්නා වූ ගැටළු වලට විසඳුම් සෙවීමත් අරමුණු කොටගෙන මෙම සංවර්ධන සැලැස්ම සකස් කර ඇති අතර, එම සංවර්ධන සැලැස්ම වසර 2021 සිට 2030 දක්වා කාල පරාසය සඳහා බලාත්මක වේ.