


මෙම පළ කිරීම සඳහා අදහස් සබල කර නොමැත.
අදහස් එක් වෙමින් පවතී...
Fetching the latest discussions
2021-2030 වර්ෂ සඳහා අනුරාධපුර නාගරික ප්‍රදේශය පාදක කරගනිමින් නගර සංවර්ධන සැලැස්මක් සකස් කරනු ලබන අතර, එමගින් ප්‍රදේශයේ භෞතික, ආර්ථික, සාමාජීය, පාරිසරික යන අංශයන්හි මනා සංවර්ධනයක්, වර්ෂ 2030 වන විට ඇති කිරීම උදෙසා අවශ්‍ය උපාය මාර්ග සකස් කර ඇත. මෙම නගර සැලසුම සකස් කිරීමේදි ලොව බහුල ලෙස භාවිතා කරනු ලබන නවීන තාක්ෂණික මෙවලම, ක්රමෝපායන් හා විශ්ලේෂණයන් යොදා ගනිමින් මෙම සංවර්ධන සැලැස්ම උපාය මාර්ගික සැලැස්මක් ලෙස සකස් කර ඇත.
සංවර්ධන සැලැස්මක් යනු ඉතා පුළුල් වූ දැක්මක් සහිත, ප්‍රදේශයක සංවර්ධනය භෞතික, ආර්ථික, සාමාජීය හා පාරිසරික යන අංශයන් මනා ලෙස සංවර්ධනය කිරීමට සකස් කරනු ලබන්නා වූ මෙවලමකි.
ශ්‍රී ලංකාවේ නාගරික සංවර්ධනයේ ප්‍රමුඛතම ආයතනය ලෙස නාගරික සංවර්ධන අධිකාරිය කටයුතු කරන අතර, ඉහත අංශයන්හි ඒකා බද්ධ සංවර්ධනයක් ඇති කිරීම උදෙසා නාගරික සැලසුම් සකස් කිරීමේ හා ක්‍රියාත්මක කිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරියට 1978 අංක 41 දරණ නාගරික සංවර්ධන අධිකාරි පනත මගින් බලතල පවරන ලදී.
ඒ අනුව, 1982 අංක 04 දරණ පනත මගින් සංශෝධිත 1978 අංක 41 දරණ නාගරික සංවර්ධන අධිකාරි පනතේ "8 අ වගන්තියේ බලතල ප්‍රකාරව එම පනතේ 3 (1) වගන්තියට අනුව. 1979 ජූලි 01 වන දින අංක 38 දරණ රජයේ අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් නාගරික සංවර්ධන බල ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලද අනුරාධපුර නගර සභා බල ප්‍රදේශය ද ඇතුලත් ව 2001/04/10 වන දින අංක:1173/11 දරණ අති විශේෂ ගැසට් පත්‍රය මගින් විසල් අනුරාධපුර සංවර්ධන බල ප්‍රදේශය යටතේ නාගරික සංවර්ධන බල ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත. මෙම නාගරික සංවර්ධන බල ප්‍රදේශය හෙක්ටයාර 6200 ක් පමණ භුමි ප්‍රමාණයකින් සමන්විත වේ. මධ්‍යම නුවරගම් පළාත. නැගෙනහිර නුවරගම් පළාත, මිහින්තලය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වලින් විවිධ ප්‍රමාණයන්ගෙන් කොටස් එකතුව මෙම සංවර්ධන බල ප්‍රදේශය සකස් වී ඇති අතර, ඉඩම් හා ගොඩනැගිලි පිළිබඳ ඒකාබද්ධ සැලසුම් සකස් කිරීම, භෞතික වශයෙන් සංවර්ධනය කිරීම, ප්‍රවර්ධනය කිරීම හා විධිමත් කිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය විසින් ප්‍රජාවට සලසා දෙනු ලබන පහසුකම් හා සේවා සැලකිල්ලට ගෙන අනුරාධපුර නාගරික සංවර්ධන බල ප්‍රදේශය සඳහා මෙම සංවර්ධන සැලැස්ම සකස් කරනු ලැබේ.
ඉහත ප්‍රකාශ කරන ලද හේතු පාදක කර ගනිමින් නාගරික සංවර්ධන අධිකාරිය මගින් වසර 2006 2016 දක්වා වූ කාල පරාසය සඳහා අනුරාධපුර මහ නගර සභා බල ප්‍රදේශයට සංවර්ධන සැලැස්මක් සකස් කර තිබූ අතර, සැලැස්මේ නිත්‍යානුකූල කාලය ඉකුත්වීම හා එහි ඇතැම් නීති හා රෙගුලාසි වර්තමානයේ පවතින්නා වූ සංවර්ධන ක්‍රියාකාරකම් වල බලපෑම් හේතුකොට ගෙන ක්‍රියාත්මක කිරීමේ අපහසුතාවය මත නව සංවර්ධන සැලැස්මක අවශ්‍යතාවය පැන නැගුණි.
මෙම සකස් කරනු ලබන සංවර්ධන සැලැස්ම අනුරාධපුර මහ නගර සභා බල ප්‍රදේශයට පරිබාහිරෙන් වූ ප්‍රදේශ ද අධ්‍යයනය කරමින් සකස් කරනු ලබයි. එම ප්‍රදේශය තුළ භෞතික, ආර්ථික, සාමාජීය හා පාරිසරික යන අංශයන් වල බලපෑම යහපත් ආකාරයට ඉහළ නැංවීමටත්, ඉහත අංශයන් මනා ලෙස පාදක කර ගනිමින් අනුරාධපුර නාගරික සංවර්ධන බල ප්‍රදේශය තුළ සමෘද්ධිමත් සංවර්ධනයත් වර්ෂ 2021 - 2030 කාලය දක්වා ඇති කිරීම සඳහාත්, මෙම සංවර්ධන සැලැස්ම තුළින් අවශ්‍ය කටයුතු සම්පාදනය කරනු ලබයි.