


මෙම පළ කිරීම සඳහා අදහස් සබල කර නොමැත.
අදහස් එක් වෙමින් පවතී...
Fetching the latest discussions
සංවර්ධන සැලැස්මක් යනු නීත්‍යානුකූල ලියවිල්ලකි. මෙය නිශ්චිත ප්‍රදේශයක පවතින භෞතිකමය තත්ත්වය, සමාජීය තත්ත්වය, ආර්ථිකමය තත්ත්වය සහ පාරිසරික බලපෑම් සඳහා අනුගතව සකස් කරන ලද, යම් ප්‍රදේශයක් අනාගතයේදී දෘශ්‍යමාන විය යුතු ආකාරය සංවර්ධන ක්‍රමය සහ සංවර්ධනය විය යුතු ප්‍රමාණය දක්වන ලියවිල්ලකි.
ව්‍යවස්ථාවෙහි 1978 අංක 41 දරණ නාගරික සංවර්ධන අධිකාරි පනතේ අංක 41 සංශෝධිත 1982 අංක 4 පනතෙහි 8 (අ) වගන්තිය යටතේ ලබාදී ඇති බලතල අනුව සංවර්ධන සැලසුම් සැකසීම සඳහා බලයලත් ආයතනයක් ලෙස ඉහත පනතට අනුව නාගරික සංවර්ධන ප්‍රදේශ ලෙස ප්‍රකාශයට පත්කර ඇති ප්‍රදේශ සඳහා සංවර්ධන සැලසුම් සකස් කරනු ලැබේ.
අම්බලන්ගොඩ නගරය භෞතික, සාමාජීය, ආර්ථික හා පාරිසරික වශයෙන් ඒකාබද්ධ සංවර්ධනයක් කරා ගෙන යෑමේ අරමුණින් 1978 අංක 41 දරණ නාගරික සංවර්ධන අධිකාරි පනතේ 03 වන වගන්තිය යටතේ අංක 166/4 දරණ 1980. 08. 04 දිනැති ගැසට් පත්‍රය මඟින් අම්බලන්ගොඩ නගරය "නාගරික සංවර්ධන ප්‍රදේශයක්" ලෙස ප්‍රකාශයට පත් කර ඇත. 1996 ජූලි 02 දිනැති අංක 930/9 දරණ ගැසට් පත්‍රය මඟින් '' පින්නදුව කෙරමිණිය' හා '' තල් ගස්ගොඩ " ප්‍රදේශ නාගරික සංවර්ධන ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කර නාගරික සංවර්ධන අධිකාරියේ සැලසුම් හා ගොඩනැගිලි රෙගුලාසි අනුව සංවර්ධන කටයුතු සිදු කරමින් පවතී.
අම්බලන්ගොඩ නගරය මෙසේ නාගරික සංවර්ධන අධිකාරි සැලසුම් හා ගොඩනැගිලි රෙගුලාසි ක්‍රියාත්මක කරනු ලබන ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම නිසා සැලසුම්ගත නගරයක් ලෙස සංවර්ධනය කිරීමේ හැකියාව ලැබි ඇත.
නගරයේ ව්‍යුහය සැකැස්ම හා එහි වටපිටාව පිළිබඳ පුළුල් අධ්‍යයනයක් කර අම්බලන්ගොඩ ප්‍රදේශයේ ආර්ථික, භෞතික, පාරිසරික හා සාමාජීය පරිසරය හඳුනා ගැනිමෙන් අනතුරුව ඉදිරි වසර 10 (2023 - 2033) සඳහා සංවර්ධන උපාය මාර්ග හා මාර්ගෝපදේශයන් ද මෙම සංවර්ධන සැලසුම් තුළින් හඳුන්වා දී ඇත.