


මෙම පළ කිරීම සඳහා අදහස් සබල කර නොමැත.
අදහස් එක් වෙමින් පවතී...
Fetching the latest discussions
1978 අංක 41 දරණ නාගරික සංවර්ධන අධිකාරි පනත සහ 1982 අංක 04 දරණ සංශෝධන පනත යටතේ II (අ) මකාටමස් 8(අ) අනුව, නාගරික සංවර්ධන අධිකාරිය විසින් ප්‍රදේශයක් භෞතික, ආර්ථික, සමාජ හා පාරිසරික වශයෙන් සංවර්ධනය කිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා බලය පවති.
1980.08.04 දින අංක 100/04 ගැසට් නිවේදනය යටතේ ග්‍රාම නිලධාරී වසම් 03ක් (මීග මකාටුව, කුලියාපිටිය නගරය, ඇස්සැද්දුම) කුලියාපිටිය නාගරික සංවර්ධන අධිකාරියේ ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලදී. කුලියාපිටිය නගර සභා ප්‍රදේශයන් පිටත සිදුවන වේගවත් වාණිජ සංවර්ධනය, අධ්‍යාපන අංශයේ දියුණුව සහ මහාමාර්ග මඟින් සිදුවන සංවර්ධන කටයුතු මෙම ප්‍රදේශය තුළ ක්‍රියාත්මක කිරීමේදී සකස් කරන ලදී.
ඒ අනුව, කුලියාපිටිය නාගරික සංවර්ධන අධිකාරියේ ප්‍රදේශය ග්‍රාම නිලධාරී වසම් 23කට අයත් වර්ග කි.මී. 44.4 ක භූමි ප්‍රදේශයක් දක්වා 2021.01.04 දින අංක 2209/12 ගැසට් නිවේදනය යටතේ පුළුල් කරන ලදී.
එම ප්‍රදේශය සාරවත් කෘෂිකාර්මික ප්‍රදේශයක් වන බැවින්, කෘෂිකාර්මික ආර්ථිකය මූලික කරගෙන, විධිමත් සැලැස්මකට අනුව සංවර්ධනය කළ යුතු නගරයක් ලෙස කුලියාපිටිය නගරය සැලකිය යුතු අතර, නගර සංවර්ධන සැලැස්මක් සකස් කිරීමේ අවශ්‍යතාවය නාගරික සංවර්ධන අධිකාරිය විසින් හඳුනාගෙන ඇත.