


මෙම පළ කිරීම සඳහා අදහස් සබල කර නොමැත.
අදහස් එක් වෙමින් පවතී...
Fetching the latest discussions
නාගරික සංවර්ධන අධිකාරියේ විෂය පථය තුළට ඇතුළත් ප්‍රධානතම කාර්යභාරයක් වන නාගරික සංවර්ධන ප්‍රදේශ හඳුනාගැනීම, එම ප්‍රදේශ නාගරික බල ප්‍රදේශ වශයයන් ප්‍රකාශයට පත් කිරීම හා එවැනි ප්‍රකාශිත බල ප්‍රදේශ සඳහා සංවර්ධන සැලසුම් පිළියෙළ කර ක්‍රියාවට නැංවීම යන ක්‍රියාදාමයට අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රධානතම නගර යදක් වන කහවත්ත හා පැල්මඩුල්ල නගර ඇතුළත් සමස්ථ නාගරික බල ප්‍රදේශය සඳහා යමම සංවර්ධන සැලැස්ම සකස් කර ඇත.
වර්ෂ 1978 අංක 41 දරණ නාගරික සංවර්ධන අධිකාරි පනතේ 3 වන වගන්තිය යටතේ වර්ෂ 2008 ජනවාරි මස 08 වන දින අංක 1535/14 දරණ අති විශේෂ ගැසට් පත්‍රය මඟින් රත්නපුර දිස්ත්‍රික්කයේ කහවත්ත ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් ග්‍රාම නිලධාරී වසම් 5 හා යගාඩකයවල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් ග්‍රාම නිලධාරී වසම් තුනින් යුක්ත පැල්මඩුල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් ග්‍රාම නිලධාරී වසම් 04 සමන්විත භූමි ප්‍රදේශය කහවත්ත නාගරික බල ප්‍රදේශය යලස (ව.ි. 9.15) වර්ෂ 2013 මැයි මස 09 වන දින අංක 1809/13 දරණ අති විශේෂ ගැසට් පත්‍රය මඟින් රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් ග්‍රාම නිලධාරී වසම් 17 සමන්විත භූමි ප්‍රදේශය (ව.ි. 25.7) පැල්මඩුල්ල නාගරික බල ප්‍රදේශය යලස ප්‍රකාශයට පත් කර ඇත.
කහවත්ත හා පැල්මඩුල්ල නගරයන්හි පවතින ආර්ථික, සාමාජීය, භෞතික හා පාරිසරික පසුබිම පිළිබඳ පුළුල් අධයයනයන් සිදු කිරීම තුළින් ඒ ආශ්‍රිතව පවතින විභවතා හා ගැටලු හඳුනාගෙන ඇත. ඒ අනුව හඳුනාගත් විභවතා ඵලදායීව භාවිතා කරමින් පවතින ගැටළු නිරාකරණය කර නාගර යලස සංවර්ධනය කිරීම සඳහා කලාපීය මට්ටමේ සංවර්ධන සැලැස්මක් සකස් කිරීම අවශ්‍යතාවය හඳුනාගෙන ඇත.
ඒ අනුව යාමික භෞතික හා සාමාජීය සංවර්ධනය තුළින් නගරයේ හා අවට ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට සැලසුම් කර ඇත. නාගරික ආර්ථිකය ශක්තිමත් කිරීම අරමුණු කරගෙන වර්ෂ 2023 – 2033 යන කාලය සඳහා සැලසුම් සහගත නගරයක් වශයෙන් කහවත්ත හා පැල්මඩුල්ල නගරයන්හි සංවර්ධන කටයුතු ක්‍රියාත්මක විය යුතු මාර්ගෝපදේශයක් වශයෙන් යමම සංවර්ධන සැලැස්ම, 1982 අංක 4 දරණ නාගරික සංවර්ධන අධිකාරියේ සංශෝධිත පනතේ 8 II (අ) මඟින් පවරා ඇති බලතල වලට අනුගතව පිළියෙළ කර ඇත.
01 වන පරිච්චේදය
සංවර්ධන සැලැස්යම් පසුබිම හැඳින්වීම
මුලික අධයයනයන් වර්ෂ 2019 සැප්තැම්බර් මස සිට ආරම්භ කර ක්‍රියාත්මක කර ඇත.
සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කිරීමේදී විධිමත් සියලු දත්ත ඒකරාශී කිරීම, විශ්ලේෂණය කිරීම සහ නාගරික ජනතාව ඇතුළු සියලු පාර්ශවයන්ගේ අදහස් හා යෝජනා සැලකිල්ලට ගෙන ඇත. එම සියලු විශ්ලේෂණයන් අනුව නිර්මාණය කරන ලද දැක්මට අනුව පිළියෙළ කරන ලද සංවර්ධන සැලැස්ම් සියලු සංවර්ධන යෝජනා සංක්රමිතව හා විස්තරාත්මකව වාර්තාව තුළ අන්තර්ගත කර ඇත.