


මෙම පළ කිරීම සඳහා අදහස් සබල කර නොමැත.
අදහස් එක් වෙමින් පවතී...
Fetching the latest discussions
නාගරික සංවර්ධන අධිකාරිය යනු ශ්‍රී ලංකාවේ නාගරික සංවර්ධනයේ නියාමක යන්ත්රයයි. එලෙස 1978 අංක 41 දරණ නාගරික සංවර්ධන අධිකාරි පනත මඟින් එය රටේ නාගරික සැලසුම් කිරීම හා ක්‍රියාත්මක කිරීමේ ප්‍රධාන ආයතනය ලෙසින් ක්‍රියා කිරීමට බලායනය කර ඇත. 1982 අංක 4 දරණ නාගරික සංවර්ධන අධිකාරි පනතේ 8 වෙනි වගන්තිය යටතේ අධිකාරිය සමඟ අත්පත් කර ගත් බලතල හා කාර්යයන්ට අනුව පොළොන්නරුව නාගරික සංවර්ධන සැලැස්ම ප්රකාශනය කර ඇත. අධිකාරියේ මෙහෙවර වනුයේ ප්‍රකාශිත නාගරික ප්‍රදේශවල ආර්ථික, සාමාජීය, පාරිසරික හා භෞතික සංවර්ධනය ක්‍රියාත්මක කිරීම, සමෝධානිත සැලසුම් කිරීම හා දියුණු කිරිමයි. ඉහතඅපේක්ෂිතයන් මෙම සංවර්ධන සැලැස්ම සැකසීමේ ප්‍රධාන අභිප්‍රාය විය.
මෙම සංවර්ධන සැලැස්මේ අධ්‍යයන ප්‍රදේශය ශ්‍රී ලංකාවේ උතුරු මැද පළාතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පොළොන්නරුව මහා නගර සභාවෙහි සහ පොළොන්නරුව ප්‍රාදේශීය සභා සීමාවේ ඇති තෝරාගත් ග්‍රාම නිළධාරි කොට්ඨාශ 34 ක් තුළ පිහිටා ඇත. මුල් වරට 1979 ජුනි 10 දින ප්‍රකාශිත අංක 38/16 දරණ අතිවිශේෂ ගැසට් පත්‍ර ප්රකාශනයේ පොළොන්නරුව නගරසභා සීමාව (Town Council Area) නාගරික සංවර්ධන ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇත. නැවතත් 2005.06.13 දින අංක 1397/1 දරණ අති විශේෂ ගැසට් පත්‍රය මඟින් තමන් කඩුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයෙන් වර්ග කිලෝමීටර 56.7 ක් එනම් ග්‍රාම නිලධාරි වසම් 22 ක් නාගරික කලාපය ලෙස සංශෝධනය කරන ලදි. එබැවින්, වසර 2008 සිට 2018 දක්වා කාලය සඳහා නාගරික සංවර්ධන අධිකාරිය විසින් කෙටුම්පත් කරන ලද සංවර්ධන සැලැස්මක් මෙම ප්‍රදේශය තුළ ක්‍රියාවට නංවන ලදි.
මෑත කාලීනව 2016.12.19 දින ගැසට් ප්රකාශනය මඟින් තමන්කඩුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය. පොළොන්නරුව මහා නගර සභාව හා පොළොන්නරුව ප්‍රාදේශීය සභාව ලෙස පලාත් පාලන ආයතන දෙකකට බෙදා වෙන් කෙරිණි. නගරයේ පරිපාලන සීමා වෙනස් වීමත්, සංවර්ධන නැඹුරුතාව හා සංවර්ධනයේ බලපෑම විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව නාගරික සංවර්ධන අධිකාරිය විසින් 2018 වර්ෂයේ නාගරික සීමාව පුළුල් කිරීමට ලක් කරන ලදී.
එනම්, මහා නගර සභා බල ප්‍රදේශය සම්පූර්ණයෙන් හා (ග්‍රාම නිලධාරී වසම් 16) පොළොන්නරුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයෙන් කොටසක් (ග්‍රාම නිලධාරී වසම් 18) නාගරික කලාපය බවට 2018.08.14 දින අංක 2084/4 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රයෙන් නම් කරන ලදි.
ඉන් අනතුරුව නැවත කොටස් තුනකින් සමන්විත වන පරිදි සැලසුම් රෙගුලාසි ඇතුලත්ව මෙම පොළොන්නරුව නාගරික සංවර්ධන සැලැස්ම 2021 - 2030 ප්‍රකාශයට පත් කරන ලදී.
2021 2030 කාල පරිච්ජේදය සඳහා පොළොන්නරුවේ නාගරික ප්‍රදේශය තුළ භෞතික සංවර්ධන සැලසුම් කිරීම සඳහා වූ සමස්ත රාමුව මෙම සංවර්ධන සැලැස්මේ අන්තර්ගතකොට ඇත. එබැවින්, පොළොන්නරුව නාගරික ප්‍රදේශය තුළ ඉඩම් හා ගොඩනැගිලි වල භෞතික සංවර්ධන හා ඒකාබද්ධ සැලසුම්කරණය ප්‍රවර්ධනය කිරීමට හා බලාත්මක කිරීමටත් පොළොන්නරුවේ සංක්‍රමණික ජනතාවගේ හා පදිංචිකරුවන්ගේ සුභසෙත උදෙසා යටිතල පහසුකම් හා සම්බන්ධ සේවා සහ පහසුකම් ස්ථාපනය කිරීමටත් 2021-2030 පොළොන්නරුව සංවර්ධන සැලසුම තුළ විධිවිධාන සලසා ඇත.
මෙම සංවර්ධන සැලැස්ම 2021 වසරේ සිට 2030-12-31 දක්වා බලාත්මක අතර, ඉන්පසු අවශ්‍ය යාවත්කාලීන කිරීම් හා සංශෝධනයන් වලට ලක් කළ යුතුව තිබේ.