


මෙම පළ කිරීම සඳහා අදහස් සබල කර නොමැත.
අදහස් එක් වෙමින් පවතී...
Fetching the latest discussions
නාගරික සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකාවේ නගර සංවර්ධනයේ නියමුවා වන අතර එය රටේ නාගරික සැලසුම් ක්‍රියාත්මක කිරීමේ ප්‍රධාන ඒජන්තවරයා ලෙස ක්‍රියා කිරීමට 1978 හි අංක 41 දරණ නාගරික සංවර්ධන අධිකාරි පනත මඟින් බලගන්වා ඇත.
නාගරික සංවර්ධන අධිකාරියේ ප්‍රකාශිත ප්‍රදේශ සඳහා සංවර්ධන සැලසුම් සැකසීම අධිකාරියේ නීතිමය පසුබිම යටතේ ඉතා වැදගත් අංගයකි.මෙම සිද්ධි දාමයන් සලකා බලා ප්‍රදේශයේ සංවර්ධනයන් ප්‍රවර්ධනය කිරීම හා මගපෙන්වීම උදෙසා 1982 අංක 4 දරණ පනතේ දෙවන කොටසේ 8අ (i) වගන්තියේ විස්තර කර ඇති පරිදි මුළු රටේම නාගරික සංවර්ධන අධිකාරියේ ප්‍රකාශිත බල ප්‍රදේශ සඳහා සංවර්ධන සැලසුම් සැකසී -මට අවශ්‍ය බලය නාගරික සංවර්ධන අධිකාරිය මගින් ලබාගෙන ඇත.
මේ අනුව මන්නාරම නගර සභා ප්‍රදේශය නාගරික සංවර්ධන ප්‍රදේශයක් ලෙසින් 1978 අංක 41 දරණ නාගරික සංවර්ධන අධිකාරී පනත යටතේ 1979 ජුනි පළමු දින ප්‍රකාශයට පත් කරන ලදී. පසුව . 1978 අංක 41 දරණ නාගරික සංවර්ධන අධිකාරි පනත හා අංක 759/1 ගැසට් නිවේදනය යටතේ නාගරික සංවර්ධන අධිකාරිය මගින් මුළු මන්නාරම දුපතම නාගරික සංවර්ධන ප්‍රදේශයක් ලෙසින් 1993 මාර්තු මස 22 වන දින ප්‍රකාශයට පත්කරන ලදී. මන්නාරම දුපත නාගරික සංවර්ධන ප්‍රදේශයක් ලෙසින් ප්‍රකාශයට පත්කිරීමේ ප්‍රතිඵලයක් ලෙසින් නාගරික සංවර්ධන අධිකාරියේ උතුරු පළාත් කාර්යාලය විසින් ප්‍රදේශයේ භෞතික, ආර්ථික, සමාජීය හා පාරිසරික අංශ පිළිබඳ සැලකිල්ලට ගනිමින් මන්නාරම දුපත සඳහා සංවර්ධන සැලැස්මක් සකස් කිරීමට ප්‍රමුඛතාවය ලබා දී ඇත.