


මෙම පළ කිරීම සඳහා අදහස් සබල කර නොමැත.
අදහස් එක් වෙමින් පවතී...
Fetching the latest discussions
1978 අ 41 දරණ නාගරික සංවර්ධන අධිකාරි පනත මගින් ශ්‍රී ලංකාවේ නාගරික සංවර්ධනය නියාමනය කිරීමේ පුළිඛතම ආයතනය වශයෙන් නාගරික සංවර්ධන අධිකාරිය ස්ථාපිත කොට ඇති අතර මේ ප්‍රදේශයේ සංවර්ධනය සඳහා සුදුසු යැයි විෂය භාර අමාත්‍යවරයාගේ නියමයකින් ප්‍රකාශයට පත් කරන ලද සංවර්ධන බල ප්‍රදේශ වල භෞතික, ආර්ථික, සමාජයීය හා පාරිසරික වශයෙන් සංවර්ධනය කිරීම, ඒකාබද්ධ වූ සැලසුම් සකස් කිරීම, ක්‍රියාත්මක කිරීම හා ප්‍රවර්ධනය කිරීම එහි ප්‍රධාන තම කාර්යය භාරය ආර්ථික වේ.
1982 අංක 04 දරණ පනත මගින් සංශෝධිත 1978 අංක 41 දරණ නාගරික සංවර්ධන අධිකාරි පනතේ 08 (අ) වයන්තියේ බලකල ප්‍රකාරව එම පනතේ 5 (1) සිහන්තියට අනුව 1979 මාර්තු ස 07 වන දින අංක 26/8 දරණ අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් නාගරික සංවර්ධන අධිකාරී බල ප්‍රදේශයක් ලෙස මහනුවර මහ නගර සභා බල ප්‍රදේශය ප්‍රකාශයට පත් කර ඇත. (ඇමුණු 1)
2005 මැයි 26 වන දින අංක 1290/01 දරන අතිවිශේෂ සට නිවේදනය මඟින් ප්‍රකාශයට පත් කරන ලද 2002 අප්‍රේල් මස 27 දින සිට ක්‍රියාත්මක කරනු ලැබූ මහනුවර මහ නගර සභා බල ප්‍රදේශ සංවර්ධන සැලැස්ම, නාගරික සංවර්ධන අධිකාරිය කළමනාකරණ මණ්ඩලය මඟින් 2016 දෙසැම්බර් 31 දින සිට 2020 දෙසැමබරි මස 31 වන දින දක්වා තවදුරටත් දීර්ඝ කරන ලදී. නාගරික සංවර්ධන අධිකාරියේ මධ්‍යම පළාත් කාර්යාලය විසින් මහනුවර මහ නගර සභා බල ප්‍රදේශය ආවරණය වන ලෙස, ආර්ථික, සමාජයීය. භෞතික, පාරිසරික හා සංස්කෘතික යන සංරචක සැලකිල්ලට ගනිමින් 2017 වසරේදී මෙම සංවර්ධන සැලැස්ම සකස් කිරීම ආරම්භ කළ අතර එය 2021 වර්ෂයේ සිට සිය ක්‍රියාත්මක වීමට නියමිතය.
ප්‍රදේශයෙහි ව්‍යුහය, පාරිසරික සංවේදී වටපිටාව මෙන්ම ආකර්ෂණීය දර්ශනීය ස්ථාන හා සංස්කෘතික අංගයන්ගෙන් අනූන නිර්මිත පාරිසරික සාධකයන් මෙන්ම ස්වාභාවික පාරිසරික සාධකයන් ආරක්ෂා කර ගැනීම සඳහා සුවිශේෂී අවධානයක් යොමු කොට ඇති මෙම සංවර්ධන සැලැස්ම තුළින් අපේක්ෂිත වර්ෂයන් සඳහා සංවර්ධන උපාය මාර්ග හා මාර්ගෝපදේශයන්ද හඳුන්වාදී ඇත.