


Share your perspective
Please log in to share your thoughts and join the discussion.
Loading comments...
Fetching the latest discussions
1978 අංක 41 දරන නාගරික සංවර්ධන අධිකාරිය පනත මඟින් ශ්‍රී ලංකාවේ නගර සංවර්ධනය නියාමනය කිරීමේ ප්‍රමුඛතම ආයතනය වශයෙන් නාගරික සංවර්ධන අධිකාරිය ස්ථාපිත කොට ඇති අතර යම් ප්‍රදේශයක් සංවර්ධනය සඳහා සුදුසු යැයි විෂයභාර අමාත්‍යවරයාගේ නියමයකින් ප්‍රකාශයට පත් කරන ලද නාගරික සංවර්ධන බල ප්‍රදේශ වල භෞතික, ආර්ථික, සමාජයීය හා පාරිසරික ක්ෂේත්රයන් සංවර්ධනය කිරීම, ඒකාබද්ධ සැලසුම් සකස් කිරීම, ක්‍රියාත්මක කිරීම හා ප්‍රවර්ධනය කිරීම එහි ප්‍රධානතම කාර්යභාරය වේ.
නාගරික සංවර්ධන අධිකාරියේ මධ්‍යම පළාත් කාර්යාලය විසින් ගම්පොළ නාගරික බල ප්‍රදේශය ආවරණය වන ලෙස ආර්ථික, සමාජයීය, භෞතික, පාරිසරික හා සංස්කෘතික යන සංරචක සැලකිල්ලට ගනිමින් සකස් කරන ලද මෙම සංවර්ධන සැලැස්ම 2025- 2035 කාල පරිච්ඡේදය සඳහා බලාත්මක වනු ඇත. ප්‍රධාන වශයෙන් "ජාතික භෞතික සැලසුම් ප්‍රතිපත්තිය 2050" අනුව ගම්පොළ නගරය ස්ථානගත කොට ඇති ස්භාවය, ජාතික හා ප්‍රාදේශීය වශයෙන් නගරයේ සම්බන්ධතාවය, ප්‍රදේශය තුළ ක්‍රියාත්මක සහ යෝජිත සංවර්ධන ව්‍යාපෘති, මේ දක්වා සකස් කර ඇති සැලසුම්වල දායකත්වය හා බලපානු ලබන විශේෂ අණ පනත් පිළිබඳව මෙම සංවර්ධන සැලැස්ම සකස් කිරීමේදී අවධානය යොමු කර ඇත.
නාගරීකරණය අනුව, දිස්ත්‍රික්කය තුළ මහනුවර නගරයට පමණක් දෙවන වන ගම්පොළ නගරය ප්‍රාදේශීය වශයෙන් ප්‍රදේශ රැසකට සේවා සපයන්නා වූ ප්‍රධාන නගරයකි. එමෙන්ම දුම්රිය හා පොදු ප්‍රවාහන බස් රථ සේවා යන ද්විත්වයෙන්ම සේවාවන් සැපයෙන ප්‍රධාන නගරයක් වන බැවින් දෛනිකව විශාල ජනකායක් තම සේවා සහ අනෙකුත් අවශ්‍යතා සපුරා ගැනීම සඳහා නගරයට පැමිණේ. මීට අමතරව නුවරඑළිය හා ශ්‍රී පාදස්ථානය සඳහා පැමිණෙන සංචාරකයන්ගේ ගමන් මාර්ගයේ ප්‍රධාන සංධිස්ථානයක් වනුයේ ගම්පොළ නගරයයි. මේ අනුව, සංවර්ධන සැලැස්ම සකස් කිරීමේදී නේවාසික සහ සංක්‍රමණික යන දෙපාර්ශ්වයටම සේවා, අවශ්‍යතා සහ පහසුකම් ලබා දීම කෙරෙහි සම අවධානයක් යොමුකළ යුතු සැලසුම් ප්‍රදේශයක් ලෙස ගම්පොළ නාගරික ප්‍රදේශය හඳුන්වා දිය හැකි අතර මෙම සැලසුම එකී පදනම ඔස්සේ සකස් කර ඇත.