


இந்த இடுகைக்கு கருத்துகள் இயக்கப்படவில்லை.
கருத்துகள் பதிவேற்றப்படுகின்றன...
Fetching the latest discussions
කිසියම් නගරයක් තුල පවතින ආර්ථික, සාමාජීය, පාරිසරික, දේශපාලනික හා සංස්කෘතික සාධක මත එම නගරයෙහි අනාගත සංවර්ධන දිශානතිය තීරණය වන අතර එය නගරයෙහි සංවර්ධනය කෙරෙහි අඩු වැඩි වශයෙන් බලපෑමක් සිදු කරනු ලබයි. සංවර්ධන සැලසුම් සකස් කිරීමේදී මෙම සංරචකයන්ගේ බර තැබීම මත තීරණ ගනු ලබන අතර එමඟින් අනාගතසංවර්ධනයෙහි ප්රගමණය තීරණය වේ.
1978 අංක 41 දරණ නාගරික සංවර්ධන අධිකාරි පනත මගින් නාගරික සංවර්ධන අධිකාරිය වෙත ශ්රි ලංකාවේ නාගරික සැලසුම් සකස් කිරීමේ හා ක්රියාත්මක කිරීමේ ප්රමුඛතම ආයතනය ලෙසින් ක්රියා කිරීමට බලය පැවරී ඇත.
1978 අංක 41 දරණ නාගරික සංවර්ධන අධිකාරි පනතේ 3 (01) වගන්තියට අනුව අම්පාර නගර සභා බල ප්රදේශය 1979 ජුනි මස 01 වන දින අංක 38/16 දරණ අති විශේෂ ගැසට් නිවේදනය මගින් නාගරික සංවර්ධන ප්රදේශයක් ලෙස ප්රකාශයට පත් කර ඇත.
2010 මාර්තු මස 04 වන දින අංක 1643/27 දරණ අති විශේෂ ගැසට් නිවේදනය මගින් වර්ෂ 2009-2030 කාල සීමාව දක්වා නාගරික සංවර්ධන අධිකාරිය විසින් ප්රකාශයට පත් කරන ලද සංවර්ධන සැලැස්ම වර්ග කිලෝ මීටර් 28.63 ක භූමි ප්රමාණයකින් යුතු අම්පාර නගර සභා බල ප්රදේශය තුල ක්රියාවට නන්වමින් පවතී.
වසර ගණනාවක් පැවති යුද්ධය අවසන් වීමත් සමඟම අම්පාර නගරයෙහි සිදුවු සැලකිය යුතු සංවර්ධන වෙනස් වීමත් සමඟ විවිධ සංවර්ධන ගැටලු මතු වූ බැවින් පවත්නා සංවර්ධන සැලැස්මෙහි සිදු විය යුතු සංශෝධනයන් සලකා බැලීමෙන් පසුව හා නාගරීකරණ ගැටලු හා සංවර්ධන විභවතාවයන් විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව නාගරික සංවර්ධන අධිකාරිය විසින් නැවතත් අම්පාර නගර සභා බල ප්රදේශය හා නාමල්ඔය ප්රාදේශීය සභා බල ප්රදේශයට අයත් කරංගාව ග්රාම නිලධාරි කොට්ඨාශය සඳහා මෙම නව " අම්පාර සංවර්ධන සැලැස්ම - 2024-2033" සකස් කර ඇත.
2024 සිට 2033 කාල පරිච්ඡේදය තුල අම්පාර හා කරංගාව නාගරික සංවර්ධන බල ප්රදේශය සඳහා භෞතික සංවර්ධන සැලසුම් කිරීමේ දී යොදා ගැනෙන සැලසුම් රාමුව වාර්තාවේ අන්තර්ගත වේ. එබැවින් සැලසුම් ප්රදේශය තුල පදිංචිව සිටින, සංවරන හා කර්මාන්තයන්හි නියැලෙන ජනයාගේ සුභසෙත උදෙසා යටිතල පහසුකම් සම්බන්ධ සේවා හා අනෙකුත් පහසුකම් ස්ථාපනය කිරීමට අදාල උපායමාර්ග හා මාර්ගෝපදේශයන් මෙම සංවර්ධන සැලැස්මෙහි අන්තර්ගත කොට ඇත.