


இந்த இடுகைக்கு கருத்துகள் இயக்கப்படவில்லை.
கருத்துகள் பதிவேற்றப்படுகின்றன...
Fetching the latest discussions
2023-2033 වර්ෂ සඳහා තලාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය පාදක කරගනිමින් නගර සංවර්ධන සැලැස්මක් සකස් කරනු ලබන අතර, එමගින් ප්‍රදේශයේ භෞතික, සමාජයීය, පාරිසරික යන අංශයන්හි මනා සංවර්ධනයක්, වර්ෂ 2033 වන විට ඇති කිරීම උදෙසා අවශ්‍ය උපාය මාර්ග සකස් කර ඇත. මෙම නගර සැලසුම සකස් කිරීමේදී ලොව බහුල ලෙස භාවිතා කරනු ලබන නවීන තාක්ෂණික මෙවලම්, ක්රමෝපායන් හා විශ්ලේෂණයන් යොදා ගනිමින් මෙම සංවර්ධන සැලැස්ම උපාය මාර්ගික සැලැස්මක් ලෙස සකස් කර ඇත.
සංවර්ධන සැලැස්මක් යනු, ඉතා පුළුල් වූ දැක්මක් සහිත ප්‍රදේශයක සංවර්ධනය භෞතික, ආර්ථික, සමාජයීය හා පාරිසරික යන අංශයන් යටතේ මනා ලෙස සංවර්ධනය කිරීමට සකස් කරනු ලබන්නා වූ මෙවලමකි.
ශ්‍රී ලංකාවේ නාගරික සංවර්ධනයේ ප්‍රමුඛතම ආයතනය ලෙස නාගරික සංවර්ධන අධිකාරිය කටයුතු කරන අතර, ඉහත අංශයන්හි ඒකාබද්ධ සංවර්ධනයක් ඇති කිරීම අරමුණු කර ගනිමින් නාගරික සැලසුම් සකස් කිරීම හා ක්‍රියාත්මක කිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරියට 1978 අංක 41 දරණ නාගරික සංවර්ධන අධිකාරි පනත මගින් බලතල පවරා ඇත.
ඒ අනුව, 1982 අංක 04 දරණ පනත මගින් සංශෝධිත 1978 අංක 41 දරණ නාගරික සංවර්ධන අධිකාරි පනතේ 8 'අ' වගන්තියේ බලතල ප්‍රකාරව එම පනතේ 3 (1) වගන්තියට අනුව, 2001/04/10 වන දින අංක:1173/11 දරණ අති විශේෂ ගැසට් පත්‍රය මගින් විසල් අනුරාධපුර සංවර්ධන යෝජනා ක්‍රමය යටතේ තලාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය නාගරික සංවර්ධන බල ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත. මෙම විසල් අනුරාධපුර සංවර්ධන බල ප්‍රදේශය හෙක්ටයාර 192538 ක් පමණ භුමි ප්‍රමාණයකින් සමන්විත වේ. මධ්‍යම නුවරගම් පළාත, නැගෙනහිර නුවරගම් පළාත, මිහින්තලය, තිරප්පනේ, රඹෑව, තලාව තඹුත්තේගම, නාච්චාදුව, නොච්චියාගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වල විවිධ ප්‍රමාණයන්ගෙන් කොටස් එකතුව මෙම බල ප්‍රදේශය සකස් වී ඇති අතර, ඉඩම් හා ගොඩනැගිලි පිළිබඳ ඒකාබද්ධ සැලසුම් සකස් කිරීම, භෞතික වශයෙන් සංවර්ධනය කිරීම, ප්‍රවර්ධනය කිරීම හා විධිමත් කිරීම යනාදි කාර්යයන් නාගරික සංවර්ධන අධිකාරිය විසින් මෙම ප්‍රදේශයන් සඳහා ඉටු කරනු ලබයි.
ඉහත සඳහන් කල පරිදි නාගරික සංවර්ධන අධිකාරිය විසින් තලාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය නාගරික සංවර්ධන අධිකාරි බල ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම ප්‍රදේශය තුල භෞතික, ආර්ථික, සමාජයීය හා පාරිසරික යන අංශයන් සමෘද්ධිමත් ආකාරයෙන් සංවර්ධනය කිරීම අත්‍යවශ්‍ය අංගයක් බවට පත් වෙමින් තිබේ. මෙකී අංගයන් මනා ලෙස කළමනා කරණය කරමින් මෙම ප්‍රදේශය සමෘද්ධිමත් ලෙස සංවර්ධනය කිරීම උදෙසා නාගරික සංවර්ධන අධිකාරිය විසින් මෙම නගර සංවර්ධන සැලැස්ම 2023-2033 කාල පරාසය දක්වා සකස් කරනු ලබන අතර, එහිදී තලාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට පරිබාහිරෙන් වූ ප්‍රදේශ ද අධ්‍යයනය කරන ලදී.