

இந்த இடுகைக்கு கருத்துகள் இயக்கப்படவில்லை.
கருத்துகள் பதிவேற்றப்படுகின்றன...
Fetching the latest discussions
නාගරික සංවර්ධන ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කරනු ලබන ප්‍රදේශයන්හි ආර්ථික, භෞතික, සමාජීය හා පාරිසරික යන අංශ කෙරෙහි අවධානය යොමු කරමින්, එම අංශ ප්‍රවර්ධනය කිරීම හා විධිමත් කිරීම සඳහා ඒකාබද්ධ සැලැස්මක් සකස් කිරීම සංවර්ධන සැලැස්මක් සකස් කිරීම ලෙස හැඳින්විය හැක.
1978 අංක 41 දරණ නාගරික සංවර්ධන අධිකාරි පනතේ 3(1) සහ (2) වගන්ති අනුව, යම් ප්‍රදේශයක් නාගරික සංවර්ධන බල ප්‍රදේශයක් ලෙස නාගරික සංවර්ධනය පිළිබඳ විෂය භාර අමාත්‍යවරයා විසින් ප්‍රකාශයට පත් කළ හැකි අතර, එසේ ප්‍රකාශයට පත් කරනු ලබන ප්‍රදේශ සඳහා සංවර්ධන සැලසුම් සකස් කිරීමේ බලතල 1982 අංක 4 දරණ නාගරික සංවර්ධන අධිකාරි (සංශෝධිත) පනතේ 8(II)(අ) යටතේ නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරා ඇත.
1930 වර්ෂයේදී නගර සභා බල ප්‍රදේශයක් ලෙස පැවති මොරටුව නගරය, 1998 වර්ෂයේදී මහ නගර සභාවක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත. තවද, 1979 මාර්තු මස 07 දිනැති අංක 26/8 දරණ අති විශේෂ ගැසට් නිවේදනය අනුව නාගරික සංවර්ධනය පිළිබඳ විෂය භාර අමාත්‍යවරයා විසින් මොරටුව නගරය නාගරික සංවර්ධන බල ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.
ඒ අනුව, එම බල ප්‍රදේශය සඳහා නාගරික සංවර්ධන අධිකාරිය විසින් ප්‍රථම වරට 2005–2020 කාලසීමාව සඳහා සංවර්ධන සැලැස්මක් සකස් කර, 2005 ජූනි 07 දිනැති අංක 1396/7 දරණ ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත් කර ඇත.
2005–2020 කාලසීමාව සඳහා සකස් කරන ලද මොරටුව සංවර්ධන සැලැස්මේ වලංගු කාලය අවසන් වීමට ආසන්න වීමත්, ප්‍රදේශයේ නව භෞතික, ආර්ථික, පාරිසරික හා සමාජීය අංශ සඳහා උපායශීලී මැදිහත්වීමක අවශ්‍යතාවය මතුවීමත් හේතුවෙන්, මොරටුව නගරය සඳහා නව සංවර්ධන සැලැස්මක් සකස් කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරිය මගින් ආරම්භ කර ඇත.