


இந்த இடுகைக்கு கருத்துகள் இயக்கப்படவில்லை.
கருத்துகள் பதிவேற்றப்படுகின்றன...
Fetching the latest discussions
1978 අංක 41 දරණ නාගරික සංවර්ධන අධිකාරියේ පනත යටතේ වසර 1978 දී නාගරික සංවර්ධන අධිකාරිය පිහිටුවන ලද අතර "සංවර්ධන ප්‍රදේශ " ලෙස ප්‍රකාශයට පත් කරනු ලබන ප්‍රදේශ සඳහා ආර්ථික, සමාජීය හා භෞතික වශයෙන් සංවර්ධනය කිරීම සඳහා ඒකාබද්ධ වූ සැලසුම් සකස් කිරීම හා සංවර්ධනය කිරීම, ක්‍රියාත්මක කිරීම, ප්‍රවර්ධනය කිරීම එහි ප්‍රධාන පරමාර්ථය විය. එම පනතේ 3 වන වගන්තිය ප්‍රකාරව යම් ප්‍රදේශයක් සංවර්ධනය සඳහා සුදුසු යැයි අමාත්‍යවරයාගේ මතය වන අවස්ථාවක එම ප්‍රදේශය සංවර්ධන ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත්කරනු ලැබිය හැකි අතර එම සංවර්ධන ප්‍රදේශය සඳහා නිශ්චිතමායිම් හා ඉම් සලකුණු දක්වමින් ප්‍රදේශ නිරූපනය කල යුතු වේ. ඒ අනුව 1982 අංක 4 දරණ නාගරික සංවර්ධන අධිකාරි පනතීන් සංශෝධිත 1978 අංක 41 දරණ පනත යටතේ එසේ සංවර්ධන ප්‍රදේශයක් ලෙස ප්‍රකාශිත ප්‍රදේශ සඳහා සංවර්ධන සැලසුම් පිළියෙල කිරීමේ කාර්යය පටිපාටිය 8 " ද " සිට 8 "ළ" දක්වා වන වගන්ති යටතේ ලබා දී ඇත.
ඒ අනුව, හම්බන්තොට මහා නගර සභා බල ප්‍රදේශය අවස්ථා පහකදී නාගරික සංවර්ධන අධිකාරිය යටතේ ප්‍රකාශිත බල ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත. එනම්,
අංක 38/16 දරණ 1979.06.01 දිනැති ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශිත හම්බන්තොට නගර සභා බල ප්‍රදේශය
අංක 223/16 දරණ 1982.12.17 දිනැති ශ්‍රී ලංකා වෙරළ කලාප ගැසට නිවේදනය මඟින් ප්රකාශිතමධ්ය වඩදිය ඉම සිට ගොඩබිම දෙසට කිලෝ මීටර් 01 ක සීමාව ඇතුලත් ගැසට් නිවේදනය
අංක 747/7 දරණ 1992.12.29 දිනැති මාතර - කතරගම දුම්රිය මාර්ගය සඳහා ප්‍රකාශිත ප්‍රදේශ ඇතුලත් ගැසට නිවේදනය
අංක 1090/5 දරණ 1999.06.26 දිනැති රුහුණුපුර ව්‍යාපෘතිය යටතේ ප්‍රකාශිත ප්‍රදේශය ඇතුලත් ගැසට් නිවේදනය
අංක 1639/12 දරණ 2010.02.02 දිනැති ගැසට නිවේදනය මඟින් ප්‍රකාශිත සම්බන්තොට මහානගර සභා ප්‍රදේශය ඇතුලත් ගැසට් නිවේදනය
වසර 2007 දී හම්බන්තොට නගර සභා බල ප්‍රදේශය සඳහා නාගරික සංවර්ධන අධිකාරිය මඟින් සංවර්ධන සැලැස්මක් පිළියෙල කරන ලද අතර එම සැලැස්ම 1499/33 දරණ 2007.06.01 දිනැති අති විශේෂ ගැසට පත්‍රය මඟින් ප්‍රකාශයට පත් කර ඇත. එම සංවර්ධන සැලැස්ම වසර 2007 සිට 2020 දක්වා බලාත්මක වේ. හම්බන්තොට නගර සභා බල ප්‍රදේශය සඳහා හම්බන්තොට නැගෙනහිර හා හම්බන්තොට බටහිර යන ග්‍රාම නිලධාරී වසම් 02 ඇතුළත් වර්ග කිලෝමීටර් 9.19කින් යුත් ප්‍රදේශය ඇතුළත් වූ අතර ඒ සඳහා සකස් කරන ලද සංවර්ධන සැලැස්ම මඟින් පවත්නා නගර සභා බල ප්‍රදේශයේ සීමාවන් පුළුල් විය යුතු බවට යෝජනා කර ඇත. ඒ අනුව, අංක 1639/12 දරණ 2010.02.02 දිනැති අති විශේෂ ගැසට් නිවේදනය මඟින් එවකට නගර සභාවක් ලෙස ප්‍රකාශයට පත් කරන ලද හම්බන්තොට නගර සභා බල ප්‍රදේශය තවදුරටත් පුළුල් කරමින් හම්බන්තොට මහා නගර සභාවක් ලෙස ප්‍රකාශයට පත් කරන ලදී. ඒ සඳහා හම්බන්තොට බටහිර, හම්බන්තොට නැගෙනහිර, සිරිබෝපුර, කොහොලංකල, කෑලියපුර, සාමෝදාගම හා මිරිජ්ජවිල යන ග්‍රාම නිලධාරී වසම්වලින් යුත් වර්ග කිලෝමීටර් 83 කින් යුත් ප්‍රදේශයක් ඇතුලත්ව ඇත. හම්බන්තොට මහා නගර සභා ප්‍රදේශයට ඇතුලත් ප්‍රදේශය රූප සටහන් අංක 1.1 මඟින් පෙන්වා ඇත.
තවද, ප්‍රාදේශීය වශයෙන් පවත්නා සංවර්ධන විෂමතාවයන් අවම කිරීමේ අරමුණින් 1994 වර්ෂයේදී දක්ෂිණ සැලසුම් කලාපය පිහිටුවන ලද අතර, එහි පරිපාලනය දක්ෂිණ සංවර්ධන අධිකාරිය යටතට පත් කරන ලදී. ඒ යටතේ කඩිනම් ආර්ථික සංවර්ධනයක් ඇති කිරීමේ අරමුණින් ප්රමුඛ ව්‍යාපෘතියක් ලෙස හම්බන්තොට වරාය ව්‍යාපෘතිය ස්ථාපිත කරන ලද අතර, ඒ තුළින් නව සංවර්ධන සංකල්පයන් හඳුන්වාදෙන ලදී. ජාත්‍යන්තර වරාය පදනම් කර ගෙන බිහිවන නව නාගරික මධ්‍යස්ථානයක් ලෙස ජාත්‍යන්තර වෙළඳාම සඳහා දොරටු විවර කිරීම, කර්මාන්ත ස්ථානගත කිරීම, බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන ඉදිකිරීම, දක්ෂිණ අධිවේගී මාර්ග ව්‍යාපෘතිය, මාතර කතරගම දුම්රිය මාර්ග ව්‍යාපෘතිය, මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපල, මාගම් රුහුණුපුර සම්මන්ත්රණ ශාලාව, දිස්ත්‍රික්කයේ සියළුම පරිපාලන කටයුතු එක් කරමින් පරිපාලන සංකීර්ණය පිහිටුවීම හා මාර්ග සංවර්ධන ව්‍යාපෘති ප්රමුඛ ව්‍යාපෘති ලෙස ස්ථාපිත කරන ලදී. වර්තමානය වන විට මෙම ව්‍යාපෘතීන් ක්‍රියාත්මක මට්ටමට පැමිණ ඇති අතර, හම්බන්තොට නගරය වරාය පදනම් කර ගෙන දියුණු වන නගරයක් ලෙස සංවර්ධනය කිරීමට යෝජිත බැවින් උපාය මාර්ගික සංවර්ධන සැලැස්මක් සකස් කිරීම ප්රමුඛ අවශ්‍යතාවයක් ලෙස හඳුනාගෙන ඇති අතර, ඒ අනුව පිළියෙළ කරන මෙම සංවර්ධන සැලැස්ම වසර 2019 සිට 2030 දක්වා බලාත්මක වේ.