


இந்த இடுகைக்கு கருத்துகள் இயக்கப்படவில்லை.
கருத்துகள் பதிவேற்றப்படுகின்றன...
Fetching the latest discussions
නාගරික සංවර්ධන ප්‍රදේශය ලෙස ප්‍රකාශයට පත්කරනු ලබන ප්‍රදේශයන්හි ආර්ථික, භෞතික, සමාජීය හා පාරිසරික යන අංශ කෙරෙහි අවධානය යොමු කරමින්, එම අංශ සංවර්ධනය කිරීම සඳහා ඒකාබද්ධ සැලැස්මක් සකස් කිරීම සංවර්ධන සැලැස්මක් සකස් කිරීම ලෙස හැඳින්විය හැකිය.
වර්ෂ 1978 අංක 41 දරණ නාගරික සංවර්ධන අධිකාරි පනතේ 3 (1) සහ (2) වගන්තිවල බලතල ප්‍රකාරව යම් ප්‍රදේශයන් නාගරික සංවර්ධන බල ප්‍රදේශයන් ලෙස නාගරික සංවර්ධනය පිළිබඳ විෂයභාර අමාත්‍යවරයා විසින් ප්‍රකාශයට පත්කරනු ලැබිය හැකි අතර, එසේ ප්‍රකාශයට පත්කරනු ලැබූ ප්‍රදේශ සඳහා සංවර්ධන සැලසුම් සකස් කිරීමේ බලතල 1982 අංක 04 දරණ නාගරික සංවර්ධන අධිකාරි (සංශෝධිත) පනතේ 8 II (අ) වගන්තිය යටතේ නාගරික සංවර්ධන අධිකාරිය වෙත පැවරී ඇත.
වර්ෂ 1979 ඔක්තෝබර් 01 වන දින අංක 56/6 දරණ ගැසට් පත්‍රය මගින් කොළඹ දිස්ත්‍රික්කය තුළ තිඹිරිගස්යාය - බටතර පත්තුවට අදාළව කඩුවෙල ගම් සභා ප්‍රදේශයද, අතුරුගිරිය ගම් සභා ප්‍රදේශයද නාගරික සංවර්ධන අධිකාරි බල ප්‍රදේශයන් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.
කඩුවෙල නගරය වර්තමානයේ මහ නගර සභාවක තත්ත්වය උරුම කරගෙන ඇති අතර, වර්ෂ 1988 දක්වා අතුරුගිරිය, කඩුවෙල යන ගම් සභා දෙක යටතේ සහ බත්තරමුල්ල නගර සභාව යටතේ පරිපාලනය විය. 1988 වසරේදී අතුරුගිරිය, කඩුවෙල සහ බත්තරමුල්ල යන පරිපාලන ඒකක ඒකාබද්ධ කරමින් කඩුවෙල ප්‍රාදේශීය සභාව පිහිටුවන ලදී. අනතුරුව එම ප්‍රදේශය වර්ෂ 2011 අගෝස්තු මස 01 දින සිට කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශය ලෙස ප්‍රකාශයට පත්කර ඇත.
කොළඹ නගරයේ පරිපාලන කටයුතු බත්තරමුල්ල ප්‍රදේශයෙන් සංවිධානය වීමේ ප්‍රවණතාවය අනුව 1985 අංක 335/5 දරණ අති විශේෂ ගැසට් පත්‍රය මගින් සකස් කරන ලද ශ්‍රී ජයවර්ධනපුර පරිපාලන අගනගර ප්‍රදේශ සැලැස්ම තුළට බත්තරමුල්ල ප්‍රදේශයද ඇතුළත් විය.
අනතුරුව 2019 වර්ෂයේදී ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභා බල ප්‍රදේශය, කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශය, මහරගම නගර සභා බල ප්‍රදේශය හා කොටිකාවත්ත - මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය යන සැලසුම් ප්‍රදේශ ලෙස සලකා නාගරික සංවර්ධන අධිකාරිය විසින් 2019–2030 වර්ෂයන්ට බලපැවැත්වෙන පරිදි අග නගර සංවර්ධන සැලැස්ම සකස් කරන ලදී.
මේ වනවිට 2008–2020 කාලසීමාව සඳහා සකස් කරන ලද කඩුවෙල සංවර්ධන සැලැස්මේ වලංගු කාලය ඉකුත් වීම හේතුවෙන් නව සංවර්ධන සැලැස්මක් සකස් කිරීමේ අවශ්‍යතාව මතුවිය.
“අගනගර සංවර්ධන සැලැස්ම 2019–2030” මගින් කඩුවෙල මහ නගර සභාව, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාව, මහරගම නගර සභාව හා කොටිකාවත්ත - මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයන්ගෙන් යුත් විශාල භූමි පරාසයක් තුළ පිහිටි පාලන ප්‍රදේශ හතර ඒකාබද්ධ කරමින් සැලසුම් සකස් කර ඇත. එම සංවර්ධන සැලැස්මට ප්රතිශෝධන ලබාදෙමින් ප්‍රදේශයේ ආර්ථික, සමාජීය, පාරිසරික හා භෞතික සංරචක තිරසාර සංවර්ධනයකට යොමු කිරීමේ අරමුණින් කඩුවෙල පළාත් පාලන බල ප්‍රදේශය සඳහා 2023–2033 කාලසීමාවට අදාළ නව සංවර්ධන කලාප සහ කලාපීකරණ නියමයන් ඇතුළත් කරමින් මෙම සංවර්ධන සැලැස්ම සකස් කර ඇත.