


இந்த இடுகைக்கு கருத்துகள் இயக்கப்படவில்லை.
கருத்துகள் பதிவேற்றப்படுகின்றன...
Fetching the latest discussions
කන්තලේ නගරය නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙහි කන්තලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුල පිහිටා ඇත. මෙම නගරය නාගරික සංවර්ධන ප්‍රදේශයක් වශයෙන් 1978 අංක 41 දරණ නාගරික සංවර්ධන අධිකාරි පනතේ 3(1) වන වගන්තියේ බලතල ප්‍රකාරව 1991.11.26 දින අංක 690/3 දරණ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත්කොට ඇත. ඒ අනුව ප්‍රකාශිත නාගරික සංවර්ධන ප්‍රදේශයේ විශාලත්වය හෙක්ටයාර 40571 කින් සමන්විත භුමි ප්‍රමාණයක් වන අතර ග්‍රාම නිලධාරී කොට්ඨාශ 23 ක් සමන්විත වේ.
1982 අංක 4 දරණ නාගරික සංවර්ධන අධිකාරියේ සංශෝධිත පනතෙහි 8(ආ)(1) වගන්තියේ බලතල ප්‍රකාරව මෙම සංවර්ධන සැලසුම 2031 වර්ෂය දක්වා වර්ෂ 10 කාලසීමාවක් දක්වා සකස් කර ඇත. 2008 වර්ෂයේදී ගැසට් කරනු ලැබූ ත්‍රිකුණාමලය මෙට්‍රො නාගරික සංවර්ධන බල ප්‍රදේශයට අදාළ සංවර්ධන සැලැස්ම දැනට මෙම ප්‍රදේශයේ සංවර්ධන කටයුතු සඳහා පාදක කරගනු ලබන අතර එය 2030 වර්ෂය දක්වා සැලසුම් කර ඇති නමුත් කාලීන සැලසුම්මය අවශ්‍යතා හා නීතිමය අවශ්‍යතා මත2022-2031 කාලසීමාව සඳහා ප්‍රාදේශීය මට්ටමේ සැලසුමක් ලෙස මෙම සැලසුම සකස් කරනු ඇත.
ඒ අනුව කන්තලේ නගරයේ පිහිටීම අධ්‍යනය කිරීමේදී උතුරින් තඹලගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන් හා කින්නියා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන් ද නැගෙනහිරින් සේරුවිල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන්ද බටහිරින් අනුරාධපුර දිස්ත්‍රික්කයෙන්ද දකුණින් පොළොන්නරු දිස්ත්‍රික්කයෙන්ද මායිම්ව පිහිටා තිබේ. කන්තලේ සංවර්ධන සැලසුම තුල කන්තලේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය සීමාවම ආවරණය වන අතර එම ප්‍රදේශයෙහි සාමාජීය, ආර්ථික, භෞතික හා පාරිසරික යන සියළුම අංශයන් පිලිබදව මනාව අධ්‍යයනය කර සැලැස්ම සැකසීම සිදු කර ඇත. එහිදී හඳුනා ගන්නා ලද උපාය මාර්ගික සැලසුම් සඳහා සවිස්තරාත්මක සැලැස්මක් සහ අනෙකුත් ප්‍රදේශ සඳහා පොදු සැලසුම් හා ගොඩනැගිලි රෙගුලාසි හඳුන්වා දීමට කටයුතු කර ඇත.