


இந்த இடுகைக்கு கருத்துகள் இயக்கப்படவில்லை.
கருத்துகள் பதிவேற்றப்படுகின்றன...
Fetching the latest discussions
කුරුණෑගල මහ නගර සභා බල ප්‍රදේශය 1979 ජූනි මස 01 වන දින අංක 38/16 දරණ ගැසට් පත්‍රය මගින් නාගරික සංවර්ධන අධිකාරි බල ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත. එම ප්‍රදේශය සඳහා 2006.09.19 දිනැති අංක 1467/33 දරණ ගැසට් පත්‍රය මගින් 2006–2015 කුරුණෑගල නගර සංවර්ධන සැලැස්ම ගැසට් මගින් ප්‍රකාශයට පත් කර ඇති නමුත් එම සංවර්ධන සැලැස්මේ කාලය මේ වන විට ඉකුත් වී ඇත.
කුරුණෑගල මහ නගර සභා බල ප්‍රදේශය වටා විහිදුනු කුරුණෑගල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයෙන් ග්‍රාම නිලධාරි කොට්ඨාශ 54 කින් යුත් වර්ග කි.මී. 96 කින් සමන්විත ප්‍රදේශය 2015.08.04 වන දින අංක 1926/20 දරණ ගැසට් පත්‍රය මගින් නාගරික සංවර්ධන අධිකාරි බල ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත. මධ්‍යම අධිවේගී මාර්ග සංවර්ධනයත් සමඟ 2018.04.28 වන දින අංක 2068/47 දරණ ගැසට් පත්‍රය මගින් මුළු කුරුණෑගල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයම නාගරික සංවර්ධන අධිකාරි බල ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.
ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 41 දරණ නාගරික සංවර්ධන අධිකාරි පනත සහ 1982 අංක 04 දරණ සංශෝධිත පනතේ II අ කොටසේ 8 අ වගන්තිය අනුව, නාගරික සංවර්ධන අධිකාරි පනතේ 03 වන වගන්තිය යටතේ නාගරික සංවර්ධන අධිකාරි බල ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලද ප්‍රදේශ සඳහා නගර සංවර්ධන සැලැස්මක් සකස් කිරීමේ බලය ඇත.
රාජ්‍ය ප්‍රතිපත්ති හා ආර්ථික ක්‍රියාමාර්ග හේතුවෙන් ශ්‍රී ලංකාව සීඝ්රයෙන් නාගරීකරණය වීමත් සමඟ, කුරුණෑගල මහ නගර සභා බල ප්‍රදේශය වටා වූ මුළු ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයම සීඝ්රයෙන් ජනාවාස වී නාගරීකරණයට ලක්ව ඇත. එමෙන්ම ජාතික සංවර්ධන ව්‍යාපෘතියක් වන මධ්‍යම අධිවේගී මාර්ගය කුරුණෑගල නගරය හරහා ගමන් කිරීමත් සමඟ කුරුණෑගල නගරය ප්‍රවාහන මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය වීමේ බලපෑම මුළු ප්‍රදේශයටම හිමි වේ.
ඒ අනුව, නාගරික සංවර්ධන අධිකාරි බල ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලද කුරුණෑගල මහ නගර සභා බල ප්‍රදේශය (වර්ග කි.මී. 10.53) සහ මුළු ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය ඇතුළත් (වර්ග කි.මී. 245) මුළු ප්‍රදේශයම නගර සංවර්ධන සැලැස්ම සකස් කිරීමේදී සැලසුම් ප්‍රදේශය ලෙස තෝරා ගන්නා ලදී.
එහිදී හඳුනාගන්නා ලද උපායමාර්ගික ප්‍රදේශ සඳහා සවිස්තරාත්මක සැලසුම් සකස් කර ඇති අතර, අනෙකුත් ප්‍රදේශ සඳහා පොදු සැලසුම් සහ ගොඩනැගිලි රෙගුලාසි හඳුන්වා දීමට කටයුතු කර ඇත.