


இந்த இடுகைக்கு கருத்துகள் இயக்கப்படவில்லை.
கருத்துகள் பதிவேற்றப்படுகின்றன...
Fetching the latest discussions
ගාල්ල මහ නගර සභා බල ප්‍රදේශය 1979. 06. 01 දින අංක 38/16 දරණ ගැසට් පත්‍රය මඟින් නාගරික සංවර්ධන අධිකාරියේ ප්‍රකාශිත බල ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර, ගාලු කොටුව එම බල ප්‍රදේශය තුළ පිහිටි එක් ග්‍රාම නිලධාරි වසමක් වේ.
ශ්‍රී ලංකා රජය මඟින් සිදු කරන ලද ඉල්ලීමකට අනුව ගාල්ල කොටුව ප්‍රදේශය ලෝක උරුම නගරයක් ලෙස යුනෙස්කෝ ආයතනය විසින් 1988 වර්ෂයේදී ප්‍රකාශයට පත් කර ඇත. (ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට නිර්නායක 10 ක් ඇති අතර, ඉන් IV වන නිර්නායකය ('මානව ඉතිහාසයේ සුවිශේෂී අවස්ථා පිළිබිඹු වන අද්විතීය උදාහරණ සපයන ගොඩනැඟිලි, වර්ගයක, වාස්තු විද්‍යාත්මක හෝ තාක්ෂණික සමූහය හෝ භූ දර්ශන වර්ගයක කැපී පෙනෙන උදාහරණයක් වීම ) පදනම් කරගනිමින් ගාල්ල ඉපැරණි නගරය හා ආරක්ෂක පවුරු ලෝක උරුමය ලැයිස්තුවට ඇතුලත් වී ඇත. මෙම ලෝක උරුම ස්ථානයේ කැපී පෙනෙන විශ්වීය අගය ආරක්ෂා කිරීම පිණිස ඓතිහාසික කොටු පවුර හා ඉන් වට වී ඇති ප්‍රදේශය නාගරික සංවර්ධන අධිකාරිය විසින් 1997.08.07 දින අංක 987/12 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රය මඟින් විශේෂ නියාමන කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.
එමෙන්ම, පුරාවිද්‍යා ආඥා පනත අනුව 1971 ජනවාරි 24 දිනැතිව අංක 14/959 දරණ ගැසට් නිවේදනය මඟින් ගාල්ල - කොටු පවුර පැරණි ස්මාරකයක් ලෙසට ද ප්‍රකාශයට පත් කර ඇත. එමෙන්ම පුරාවිද්‍යා ආඥා පනතේ විධිවිධාන අනුව කොටු බැම්මේ සිට යාර 400 (මීටර් 365.6) ක් දුරින් වූ ප්‍රදේශයේ යම් යම් සංවර්ධන කටයුතු කිරීමේදී උරුම අගයයන්ට අනුකූලව කටයුතු කිරීම නියාමනය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පැවරී ඇත.
ඒ අනුව මෙකී විශේෂ නියාමන ප්‍රදේශයේ සියළුම ගොඩනැගිලි නිර්මාණය, සහ ස්මාරක ආරක්ෂා කිරීම, සංරක්ෂණය කිරීම හා නඩත්තු කිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරියේ 1982 අංක 4 දරණ සංශෝධන පනතේ 8 (ආ) 1 යටතේ සැලසුම් කමිටුවක් පත් කිරීමේ බලය අනුව, ගාලු උරුමය සැලසුම් අනු කමිටුව පිහිටුවා ඇති අතර, එම කමිටුවේ කාර්ය කරගෙන යාම සඳහා ඉහත පනතේ අංක 8 (ආ) 2 යටතේ සඳහන් "සැලසුම් කිරීමේ කමිටුව විසින් කටයුතු කරගෙන යාම සඳහා රිති සාදනු ලැබිය හැකිය යන වගන්තිය යටතේ විශේෂ රෙගුලාසි සකස් කිරීම සිදු කර ඇත.
ලෝක උරුමයක් වශයෙන් ප්‍රකාශිත ගාල්ල කොටුව කලාප I හා II විශේෂ නියාමන ප්‍රදේශය සඳහා සංරක්ෂණ - සංවර්ධන සැලැස්මක් සකස් කර සංරක්ෂණය කළ යුතු අතර, යුනෙස්කෝව විසින් අනුමතකර ඇති ගාල්ල ලෝක උරුම ස්ථානයේ කැපී පෙනෙන විශ්වීය අගය පිළිබඳ ප්‍රකාශණයට අනුකූලව එහි යම් සංවර්ධන කටයුත්තක් කරගෙන යාමේදී, සංරක්ෂණ සංවර්ධන සැලැස්මට දැඩිව නියැලෙන බවට සහතික විය යුතුය.