


இந்த இடுகைக்கு கருத்துகள் இயக்கப்படவில்லை.
கருத்துகள் பதிவேற்றப்படுகின்றன...
Fetching the latest discussions
සංවර්ධන සැලැස්මක් යනු නාගරීකරණය වූ හෝ නාගරීකරණය වෙමින් පවතින ප්‍රදේශයක් ''නාගරික සංවර්ධන බල ප්‍රදේශයක්" ලෙස හඳුනාගත් ප්‍රදේශයක් සඳහා, සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් මහ පෙන්වන නෛතිකව පිළි ගැනෙන ලියවිල්ලකි. එමඟින් ප්‍රදේශය තුල පවතින පාරිසරික, භෞතික සමාජීය හා ආර්ථික යන කරුණු එකිනෙකට විශ්ලේෂණය කරමින් පාර්ශ්වකරුවන්ගේ ද සහභාගීත්වයෙන් හා උපක්රමානුකුලව නිර්මාණය කරන ලද සැලසුම් හරහා ප්‍රදේශයේ සංවර්ධන කටයුතු කෙසේ විය යුතු ද යන්න පිළිබඳව පැහැදිලි තෙරෙන වසර 10 ක වැඩපිළිවෙලකි.
ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 41 දරණ භාගරික සංවර්ධන අධිකාරි පනතේ බලනල ප්‍රකාරව අදාල විෂය භාර අමාත්‍යවරයා විසින් නාගරියා සංවර්ධන ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කරනු ලබන බල ප්‍රදේශයක් සඳහා සංවර්ධන සැලැස්මක් පිළියෙළ කිරීමේ කාර්යභාරය 1982 අංක 04 දරණ නාගරික සංවර්ධන අධිකාරි (සංශෝධන) පනතේ 8 "අ" වගන්තිය මගින් නාගරික සංවර්ධන අධිකාරිය වෙතබලය පැවරී ඇත.
ඒ අනුව, 1980 නොවැම්බර් මස 26 වන දින ගැසට් නිවේදන අංක 116/6 මගින් හික්කඩුව නගර සභා බල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි කොට්ඨාශ 06 ක් නාගරික සංවර්ධන බල ප්‍රදේශයන් ලෙස ප්‍රකාශයට පත් කර ඇත. පසුව 1982 වර්ෂයේ දෙසැම්බර් මස 17 වන දින ගැසට් නිවේදන අංක 223/16 මගින් හික්කඩුව නගර සභා බල ප්‍රදේශයේ කි.මි. 01 ක වෙරළ කලාපය නාගරික සංවර්ධන බල ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත. 2012 වර්ෂයේ අගෝස්තු මස 30 වන දින ගැසට් නිවේදන අංක 1645/22, 166/4 සහ 930/9 මගින් සමස්ථ හික්කඩුව නගර සභා බල ප්‍රදේශය නාගරික සංවර්ධන අධිකාරී බල ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.
ඒ අනුව, 2010 වර්ෂයේදී නාගරික සංවර්ධන හා පූජා භූමි සංවර්ධන අමාත්‍යවරයා මගින් නාගරික සංවර්ධන අධිකාරිය විසින් සකස් කරන ලද හික්කඩුව නාගරික බල ප්‍රදේශය සඳහා වූ සංවර්ධන සැලැස්ම (2010 -2030) ප්‍රකාශයට පත් කර ඇත.
කෙසේ නමුදු වර්තමානයේදි හික්කඩුව නගර සභා බල ප්‍රදේශය සඳහා සකස් කරන ලද 2010 -2030 සංවර්ධන සැලැස්ම යාවත්කාලින කිරීම අත්‍යවශ්‍ය වී ඇති අතර එම, පවත්නා සංවර්ධන සැලැස්මට ප්රතිශෝධනයක් ලබා දෙමින් ප්‍රදේශයේ ආර්ථික, සමාජීය, පාරිසරික හා භෞතික සංරචක නිරසාර සංවර්ධනයකට යොමු කිරීම පෙරදැරි කරගනිමින් 2024-2033 කාල සීමාව සඳහා මෙම සංවර්ධන සැලැස්ම සකස් කර ඇත.