


Comments are not enabled for this post.
Loading comments...
Fetching the latest discussions
1978 අංක 41 දරණ නාගරික සංවර්ධන අධිකාරි පනතේ විධිවිධාන අනුව අධිකාරිය භාරව සිටින අමාත්‍යවරයා විසින් ප්‍රකාශයට පත් කරන ලද නාගරික ප්‍රදේශයන්හි ඒකාබද්ධ සැලසුම්කරණය ප්‍රවර්ධනය කිරීම සහ සංවර්ධන සැලසුම් හා රෙගුලාසි සකස් කිරීම හා ක්‍රියාත්මක කිරීම සඳහා 1982 අංක 04 දරණ (සංශෝධිත) පනතේ 8 ආ (I) කොටස මඟින් අධිකාරියට නියාමන බලය ස්ථාපනය කර ඇත.
වර්තමාන රජයේ ජාතික ප්‍රතිපත්ති ප්රකාශනය තුළ අන්තර්ගත දස වැදෑරුම් ප්‍රතිපත්ති අතර අටවන ප්‍රතිපත්තිය මඟින් භෞතික අවකාශ භාවිතයේ නව ප්‍රවේශය පිළිබඳ සාකච්ඡා කරයි. එමඟින් සමස්ත නාගරික පරිසරය නාගරික ප්‍රතිව්‍යුහගත කිරීමකට ලක් කරමින් ප්‍රධාන වරාය සහ ගුවන් මධ්‍යස්ථාන වෙත කඩිනමින් ප්‍රවේශ විය හැකි පරිදි සියලු අතුරු නගර සහ භෞතික ප්‍රදේශ අතර අන්තර්සම්බන්ධතාවයක් ඇති කරන “සීඝ්‍ර ආර්ථික කොරිඩෝ” ක්‍රමයක් හඳුන්වා දීමට යෝජනා කරයි.
එහි යෝජිත නගර ආකෘතිය අනුව වාණිජ නගර, සම්බන්ධිත නගර, ජාතික නගර සහ පුරෝගාමී නගර අතරින් කොළඹ වරාය කේන්ද්‍ර කරගත් කර්මාන්ත ආර්ථික වටිනාකමක් සහිත අතුරු නගරයක් ලෙස බියගම හඳුනාගත හැක. ඒ අනුව ජාතික ප්‍රතිපත්ති ප්රකාශනය ඔස්සේ නාගරික අවකාශයේ නව ප්‍රවේශය සැලකිල්ලට ගනිමින් බියගම සංවර්ධන සැලැස්ම තුළ සැලසුම් සකස් කිරීම සිදු කර ඇත.
2021–2024 කාලසීමාව සඳහා සකස් කළ නාගරික සංවර්ධන අධිකාරියේ ඒකාබද්ධ සැලැස්ම ප්‍රධාන මූලධර්ම පහකින් සමන්විත වන අතර පළමු මූලධර්ම තුන සංවර්ධන සැලසුම් සකස් කිරීමේ ක්‍රියාවලිය හා එහි වැදගත්කම සමඟ සෘජුවම සම්බන්ධ වේ. එම මූලධර්ම තුන ලෙස “අපි සැලසුම් කරමු”, “අපි බලාත්මක කරමු” සහ “අපි ක්‍රියාත්මක කරමු” යන කරුණු සඳහන් වේ.
නාගරික සංවර්ධන බල ප්‍රදේශ ලෙස ප්‍රකාශිත ප්‍රදේශ තුළ ඒකාබද්ධ සංවර්ධනය, ඵලදායී හා කාර්යක්ෂම රෙගුලාසි සහ ප්‍රජා, ආර්ථික හා පාරිසරික අංශ එක්කරගත් උපායමාර්ගික ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම මෙහි අරමුණ වේ. ඒ අනුව බියගම සංවර්ධන සැලැස්ම සකස් කිරීම නාගරික සංවර්ධන අධිකාරියේ ඒකාබද්ධ සැලැස්ම 2021–2024 හි මූලධර්ම හා කරුණු අනුව සිදු කර ඇත.
බියගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය අංක 1771/10 දරණ ගැසට් නිවේදනය යටතේ 2001.02.13 වන දින නාගරික සංවර්ධන බල ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇත. ප්‍රදේශයේ වත්මන් සංවර්ධන පීඩනය සහ ප්රවණතා හේතුවෙන් කඩිනම් සැලසුම් මැදිහත්වීමක් අවශ්‍ය ප්‍රදේශයක් ලෙස බියගම හඳුනාගෙන ඇත.
නමුත් බියගම ප්‍රාදේශීය සභා බල සීමාව සඳහා ගැසට් කර ඇති නගර සංවර්ධන සැලැස්මක් නොමැති බැවින් 2017 මාර්තු මාසයේ සිට වසර තුනක කාලසීමාවක් තුළ උපායමාර්ගික සංවර්ධන සැලැස්මක් සකස් කිරීම සම්බන්ධ කටයුතු සිදු කර ඇත.
බියගම සංවර්ධන සැලැස්ම ප්‍රාදේශීය මට්ටමේ සංවර්ධන සැලැස්මක් වන අතර 2021–2030 කාලසීමාව දක්වා මෙම නගර සංවර්ධන සැලැස්ම වලංගු වේ. එමඟින් බියගම ප්‍රාදේශීය සභා බල සීමාව තුළ හඳුනාගත් ගැටලු සඳහා විසඳුම් ලබාදීම සහ පවතින සංවර්ධන විභවතා උපරිම ලෙස භාවිතා කිරීම මඟින් ප්‍රදේශය සංවර්ධනය කිරීම අපේක්ෂා කරයි.