


Comments are not enabled for this post.
Loading comments...
Fetching the latest discussions
සංවර්ධන සැලැස්ම ඉදිරි දර්ශනයක් වන අතර, නගරයේ හෝ නාගරික ප්‍රදේශයේ අනාගත සංවර්ධනය සඳහා වු දැක්ම නාගරික ප්‍රදේශයේ සංවර්ධනයේ පවතින තත්ත්වය පිළිබිඹු කරගනී. - දැන් අපි කොහේද ? තත්ත්ව විශ්ලේෂණය තුළින් සංවර්ධනයේ දිශානතිය සොයා ගන්නා ලදි. - අප යා යුත්තේ කොහේටද? මේ මතපදනම්ව නගරය සඳහා ආසනන්තම සංවර්ධන අවශ්‍යතා හඳුනාගන්නා ලදී. - අපි කුමක් කරමුද? ඒ අනුව ප්‍රමුඛතා පදනම්ව අවසාන වශයෙන් උපාය මාර්ග සකස් කිරීම, ක්‍රියාකාරී ව්‍යාපෘති සැලසුම් කිරීම සහ සංවර්ධන කටයුතු මෙහෙය වීම හා පාලනය කිරීම සඳහා මැදිහත්වීම - දැක්ම කරා ළඟාවීම අප කරන මැදිහත්වීම් මොනවාද?
ශ්‍රී ලංකාවේ පවතින නීති සම්පාදන අනුව නාගරික සංවර්ධන අධිකාරියේ සැලසුම සහ ක්‍රියාත්මක කිරීමේ ආයතනය වේ. 1948 අංක 41 දරණ පනතේ යටතේ 1 කොටස, 3 (1) වගන්තිය සහ 1982 අංක 04 සංශෝධන යටතේ II කොටස 8A(1) වගන්තිය ප්‍රකාරව සංවර්ධන සැලසුම් සකස් කිරීමේ බලය නාගරික සංවර්ධන අධිකාරියට නියාමන බලය ස්ථාපනය කර ඇත.
නාගරික ප්‍රදේශ ප්‍රකාශයට පත්කිරීම් අනුව වවුනියාව නගර සභා බල ප්‍රදේශය 1979.01.01 වන දින අංක 38/16 අතිවිශේෂ ගැසට් නිවේදනය ප්‍රකාරව නාගරික සංවර්ධන ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත්කොට ඇති අතර, වවුනියාව නාගරික සංවර්ධන ප්‍රදේශය ලෙස පළාත් පාලන ප්‍රදේශ ආවරණය කරමින් වවුනියාව නගර සභා බල ප්‍රදේශය (සම්පූර්ණයෙන්ම), වවුනියාව දමිළ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය (කොටසක්) සහ වවුනියාව සිංහල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය (කොටසක්) 2009.11.26 දිනැති අංක 1629/18 දරණ අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් නාගරික සංවර්ධන ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලදී. එමෙන්ම වවුනියාව නගර සංවර්ධන සැලැස්ම 2009 වසරේ ගැසට් කරන ලදී. මෙම සැලැස්ම ඇගයීමට ලත් කරන ලද අතර, ඉහත කරුණු සලකා බලා අධ්‍යයනය කර අධ්‍යයන ප්‍රදේශයෙහි මායිම නිර්ණය කළ අතර, එම ප්‍රදේශය 2023.10.03 වන දින අංක 2352/09 යටතේ නාගරික සංවර්ධන ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත්කරන ලදී.
ඒ අනුව, ජාතික භෞතික සැලැස්ම - 2050 ට සහ රජයේ ප්‍රතිපත්තියට අනුගතවෙමින් තිරසාර ඉලක්ක ළඟා කරගැනීම සඳහාත් නාගරික සංවර්ධන කටයුතු මෙහෙය වීම සහ පාලනය කිරීම සඳහාත් නාගරික සංවර්ධන අධිකාරිය විසින් වසර 2023 වවුනියාව නගර සංවර්ධන සැලැස්ම සකස් කරන ලදී.