


Comments are not enabled for this post.
Loading comments...
Fetching the latest discussions
ශ්‍රී ලංකාවේ නාගරික සංවර්ධනයේ ප්රමුඛ ආයතනය ලෙස නාගරික සංවර්ධන අධිකාරිය ක්‍රියාත්මක වන අතර, 1978 අංක 41 දරණ නාගරික සංවර්ධන අධිකාරි පනත මගින් පනවන ලද බලය තුළ නාගරික සංවර්ධන අධිකාරි ප්‍රදේශයක් ප්‍රකාශ කිරීම, සැලසුම් සකස් කිරීම හා ක්‍රියාත්මක කිරීමේ බලය ලෙස අධිකාරියට බලය හිමි වේ. 1982 අංක 4 දරණ පනත මගින් සංශෝධිත 1978 අංක 41 දරණ නාගරික සංවර්ධන අධිකාරි පනතේ 3 (11) වගන්තියට අනුව 2009/02/10 0 1588/11 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් නාගරික සංවර්ධන බල ප්‍රදේශයක් ලෙස කැකිරාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයෙන් කොටසක් නාගරික සංවර්ධන බල ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇත.
එමෙන්ම වර්ෂ 2005/11/27 අංක 1170/11 දරණ අති විශේෂ ගැසට් පත්‍රය මගින් විසල් දඹුල්ල සංවර්ධන සැලැස්ම මගින් ද කැකිරාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසක් නාගරික සංවර්ධන බල ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.
එමෙන්ම වසර 2021 දි සිදු කරන ලද අවකාශීය විශ්ලේෂනයන් හා දත්ත පදනම් කර ගනිමින් කැකිරාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ අනාගත නාගරික සංවර්ධනය සිදු විය යුතු ප්‍රදේශ හඳුනා ගනිමින් වසර 2023 ඔක්තෝම්බර් මස 03 දින අංක 2352/08 අති විශේෂ ගැසට් පත්‍රය මගින් හඳුනාගත් ප්‍රදේශය නාගරික සංවර්ධන බල ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.
මෙම පසුබිම තුළ අනාගතයේදී නාගරික සංවර්ධනය සිදුකල යුතු ආකාරය හඳුනා ගනිමින් නිශ්චිතදැක්මක් හා තිරසාර සංවර්ධනයක් ළගා කර ගැනීමේ අරමුණින් යුතුව ප්‍රදේශයේ පවතින භෞතික සංවර්ධනය විධිමත් කිරිම හා ප්‍රවර්ධනය කිරීම සඳහා ඉහත පනතේ 8 (අ) වගන්තිය යටතේ පැවරි ඇති බලතල ප්‍රකාරව මෙම සංවර්ධන සැලැස්ම පිළියෙල කරනු ලැබේ.
කැකිරාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කෙටි කාලයක් තුළ සිදු වූ සංවර්ධනයන් හා දීර්ඝ කාලින නගර විකාශනය අනාගත සංවර්ධනයන් සඳහා තිරසාර ලෙස යොදා ගැනීමේ අරමුණින් වසර 2023 - 20 33 දක්වා කාල පරාසයක් තුළ සංවර්ධන ව්‍යපෘති හා සංවර්ධන රෙගුලාසි ක්‍රියාත්මක කළ යුතුව ඇත. එමෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කයේ පවතින ප්‍රධාන දෙවන පෙළ නගරයක් ලෙස කැකිරාව නගරය හඳුනාගෙන ඇති අතර, වසර 2033 දක්වා කාල සීමාව තුළ සිදුවන සංවර්ධනයන් නාගරික සැලසුම් තුළින් හදුනාගත් පරිදි සිදු කිරීමේ අවශ්‍යතාවයද පැන නැගි ඇත. එහිදී ඉහත හදුනාගත් නාගරික සංවර්ධන ප්‍රදේශයෙන් සැලසුම් ප්‍රදේශය ලෙස හඳුනාගත් ග්‍රාම නිලධාරි කොට්ඨාශ 28 ක් සදහා විස්තරාත්මක සැලසුම් සකස් කර ඇත.