


Share your perspective
Please log in to share your thoughts and join the discussion.
Loading comments...
Fetching the latest discussions
නාගරික සංවර්ධන ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත්කරනු ලබන ප්‍රදේශයන්හි ආර්ථික, භෞතික, සමාජීය හා පාරිසරික යන අංශ කෙරෙහි අවධානය යොමු කරමින්, එම අංශ ප්‍රවර්ධනය කිරීම හා විධිමත් කිරීම සඳහා සකස් කරනු ලබන ඒකාබද්ධ සැලැස්ම සංවර්ධන සැලැස්මක් ලෙස හැඳින්විය හැක.
1978 අංක 41 දරණ නාගරික සංවර්ධන අධිකාරී පනතේ 3(1) සහ (2) වගන්තියේ බලතල ප්‍රකාර යම් ප්‍රදේශයක් නාගරික සංවර්ධන බල ප්‍රදේශයක් ලෙස නාගරික සංවර්ධනය පිළිබඳ විෂය භාර අමාත්‍යවරයා විසින් ප්‍රකාශයට පත්කරනු ලැබිය හැකි අතර, එසේ ප්‍රකාශයට පත්කරනු ලැබූ ප්‍රදේශ සඳහා සංවර්ධන සැලසුම් සකස් කිරීමේ බලතල 1982 අංක 4 දරණ නාගරික සංවර්ධන අධිකාරී (සංශෝධිත) පනතේ 8 "අ" යටතේ නාගරික සංවර්ධන අධිකාරිය වෙත පැවරී ඇත.
1929 වන විට ගල්කිස්ස ප්‍රදේශය නාගරික තත්ත්වයට පත්වූ අතර, එයට අනුබද්ධව 1929 ජනවාරි මස 08 දින දෙහිවල-ගල්කිස්ස දිස්ත්‍රික් කවුන්සිලය පිහිටුවන ලදී.
1940 ජනවාරි මස 1 දින වන විට මෙම ප්‍රදේශය නගර සභාවක් බවට පත්වූ අතර, වේගවත් නාගරීකරණය සහ පරිපාලනමය හේතූන් මත 1959 දෙසැම්බර් 03 දින මෙම ප්‍රදේශය නාගරික කොට්ඨාශ 19 කින් සමන්විත මහ නගර සභා ප්‍රදේශයක් බවට පත් විය.
ඉන් අනතුරුව 1978 වර්ෂයේ සැප්තැම්බර් මස 30 දිනැති අංක 4/1 දරණ අති විශේෂ ගැසට් නිවේදනය ප්‍රකාරව නාගරික සංවර්ධන බල ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත්කොට ඇත. ඒ අනුව එකී බල ප්‍රදේශය සඳහා නාගරික සංවර්ධන අධිකාරිය මගින් ප්‍රථම වරට 2007-2020 සඳහා පිළියෙළ කරනු ලැබූ සංවර්ධන සැලැස්ම 2009 මාර්තු 27 දිනැති අංක 1594/32 දරණ ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත්කොට ඇත.
2007-2020 සඳහා සකස් කරන ලද දෙහිවල-ගල්කිස්ස සංවර්ධන සැලැස්මේ වලංගු කාලය ඉකුත් වීමත්, ප්‍රදේශයේ නව භෞතික, ආර්ථික, පාරිසරික හා සමාජීය අංශ සඳහා උපායශීලී මැදිහත් වීමක අවශ්‍යතාව මතුවීමත් හේතුවෙන්, දෙහිවල-ගල්කිස්ස නගරය සඳහා නව සංවර්ධන සැලැස්මක් 2022-2031 කාලය සඳහා බලපැවැත්වෙන පරිදි සකස් කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරිය මගින් ආරම්භ කරන ලදී.