


Comments are not enabled for this post.
Loading comments...
Fetching the latest discussions
නගරයක් තුළ පවතින ආර්ථික, සමාජයීය, පාරිසරික, දේශපාලනික හා සංස්කෘතික සාධක මතනගරයෙහි අනාගත සංවර්ධන දිශානතිය තිරණය වන අතර එය නගරයෙහි සංවර්ධනය කෙරෙහි අඩු වැඩි වශයෙන් බලපෑමක් සිදු කරනු ලබයි. සංවර්ධන සැලසුම් සකස් කිරීම සඳහා වූ මූලාරම්භය මෙම සංරචකයන්ගේ භව්‍යත්වය මත තීරණය වන අතර එමඟින් අනාගත සංවර්ධනයෙහි ප්‍රගමණය තීරණය වේ.
1978 අංක 41 දරණ නාගරික සංවර්ධන අධිකාරි පනත මඟින් ශ්‍රී ලංකාවේ නාගරික සංවර්ධනය නියාමනය කිරීමේ ප්‍රමුඛතම ආයතනය වශයෙන් නාගරික සංවර්ධන අධිකාරිය ස්ථාපිත කොට ඇති අතර, මෙම පනතින් ප්‍රදේශයේ සංවර්ධනය සඳහා සුදුසු යැයි විෂය භාර අමාත්‍යවරයාගේ නියමයකින් ප්‍රකාශයට පත් කරන ලද සංවර්ධන බලප්‍රදේශ වල භෞතික, ආර්ථික, සමාජයීය හා පාරිසරික වශයෙන් සංවර්ධනය කිරීම, ඒකාබද්ධ වූ සැලසුම් සකස් කිරීම, ක්‍රියාත්මක කිරීම හා ප්‍රවර්ධනය කිරීම එහි ප්‍රධානතම කාර්යයභාරය වේ.
1982 අංක 04 දරණ පනත මඟින් සංශෝධිත 1978 අංක 41 දරණ නාගරික සංවර්ධන අධිකාරි පනතේ 08 (අ) වගන්තියේ බලතල ප්‍රකාරව එම පනතේ 3 (1) වගන්තියට අනුව නින්දවුර් ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය 2003 ජුලි 30 දින අංක 1399/10 දරණ අති විශේෂ ගැසට් නිවේදනය මගින් නාගරික සංවර්ධන අධීකාරි බල ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලදි.
ලබා දී ඇති බලතල ප්‍රකාරව නින්දවුර් ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය සඳහා නාගරික සංවර්ධන සැලසුමක් පිළියෙළ කිරීම 2017 වර්ෂයේදී ආරම්භ කරන ලද අතර, ඒ තුලට ඉදිරි වර්ෂ 10 ක කාලයක් සඳහා සංවර්ධන උපාය මාර්ග හා මාර්ගෝපදේශ අන්තර්ගත වේ. එමෙන්ම එය ගැසට් මඟින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.