


Comments are not enabled for this post.
Loading comments...
Fetching the latest discussions
නගරයක අනාගත සැලැස්ම සකස් කිරීමේදී එම නගරයෙහි පවතින භෞතික, සමාජ, ආර්ථික, පාරිසරික, සංස්කෘතික ආදී සියලු අංශයන් පිළිබඳව මනා අවබෝධයක් ලබා සිටීම වැදගත්ය. සංවර්ධන සැලසුම්කරණය යනු යම් ප්‍රදේශයක් සතුව පවතින මෙකී සියලු අංශයන්හි සාධක උපක්රමානුකූල ලෙස, නිරසාර සංවර්ධනයකට යොමු කරන ආකාරය දක්වන හා ඒ සඳහා ප්‍රදේශයේ පාර්ශවකරුවන්, විශේෂයෙන්ම එහි ජීවත් වන නේවාසිකයන් සංවර්ධන කටයුතු වලදී ක්‍රියා කල යුතු ආකාරය දක්වන, නෛනිකව පිළිගැනීමකට ලක්වුණු ලිඛිත වාර්තාවකි.
ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 41 දරණ නාගරික සංවර්ධන අධිකාරී පනතේ 8 'අ' වගන්තියේ බලතල ප්‍රකාරව, අදාළ විෂය භාර අමාත්‍යවරයා විසින් නාගරික සංවර්ධන ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කරනු ලබන බල ප්‍රදේශයක් සඳහා සංවර්ධන සැලැස්මක් පිළියෙළ කිරීමේ කාර්යභාරය 1982 අංක 04 දරණ නාගරික සංවර්ධන අධිකාරී (සංශෝධන) පනතේ 8 'අ' වගත්තිය මඟින් නාගරික සංවර්ධන අධිකාරිය වෙත බලය පැවරී ඇත.
2005 නොවැම්බර් 23 අංක 1420/17 දරණ ගැසට් පත්‍රය මඟින් දක්ෂිණ අධිවේගී මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය යටතේ මාර්ගය සඳහා අත්පත් කර ගත් සීමාවේ සිට දෙපසට කි. මී. 1. 5 බැගින් කි. මී. 3 ක ප්‍රදේශයක් නාගරික සංවර්ධන අධිකාරි ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත. ඒ අනුව බද්දේගම ප්‍රාදේශීය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් 13 පුර්ණ වශයෙන්ද ග්‍රාම නිලධාරී වසම් 14 අර්ධ වශයෙන්ද හා වඳුරඹ ප්‍රාදේශීය ලේඛම් කොට්ටාශයේ ග්‍රාම නිලධාරී වසම් 01 පුර්ණ වශයෙන්ද ග්‍රාම නිලධාරී වසම් 08 අර්ධ වශයෙන්ද නාගරික සංවර්ධන බලප්‍රදේශ ලෙස ප්‍රකාශයට පත්කර ඇත.
ඉන් අනතුරුව 2024 ජුලි මස 16 වන දින අංක 2393/16 දරණ ගැසටි පත්‍රය මඟින් බද්දේගම සහ වඳුරඹ ප්‍රාදේශීය ලේඛම් කොට්ටාශ ඇතුලත් වන සම්පුර්ණ බද්දේගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයම නාගරික සංවර්ධන බලප්‍රදේශ ලෙස ප්‍රකාශයට පත්කරන ලදී.
ඒ අනුව ප්‍රදේශයේ ආර්ථික, සමාජීය, පාරිසරික හා භෞතික සංරචක, නිරසාර සංවර්ධනයකට යොමු කිරීම පෙරදැරි කරගනිමින් බද්දේගම පළාත් පාලන බල ප්‍රදේශය සඳහා 2023 2033 කාල සීමාව සඳහා ප්‍රථම වරට සැලසුම් කලාප හා රෙගුලාසි ඇතුලත් කොට මෙම සංවර්ධන සැලැස්ම සකස් කර ඇත.