


Comments are not enabled for this post.
Loading comments...
Fetching the latest discussions
සංවර්ධන සැලැස්මක් යනු නීත්‍යානුකූල ලියවිල්ලකි. මෙය නිශ්චිත ප්‍රදේශයක පවතින භෞතිකමය තත්ත්වය, සමාජීය තත්ත්වය. ආර්ථිකමය තත්ත්වය සහ පාරිසරික බලපෑම් සඳහා අනුගතව සකස් කරන ලද. යම් ප්‍රදේශයක් අනාගතයේදී දෘශ්‍යමාන වියයුතු ආකාරය සංවර්ධන ක්‍රමය සහ සංවර්ධනය විය යුතු ප්‍රමාණය දක්වන ලියවිල්ලකි. ව්‍යවස්ථාවෙහි 1978 අංක 41 දරණ නාගරික සංවර්ධන අධිකාරි පනතේ අංක 41 සංශෝධිත 1982 අංක 4 පනතෙහි 8 (අ) වගන්තිය යටතේ ලබාදී ඇති බලතල අනුව සංවර්ධන සැලසුම් සැකසීම සඳහා බලයලත් ආයතනයක් ලෙස ඉහත පනතට අනුව නාගරික සංවර්ධන ප්‍රදේශ ලෙස ප්‍රකාශයට පත්කර ඇති ප්‍රදේශ සඳහා සංවර්ධන සැලසුම් සකස් කරනු ලැබේ.
1967 ජනවාරි මස පළමු වන දින ගාල්ල, මහ නගර සභාවක් ලෙස ස්ථාපිත කරන ලදී. 1965 නගර සභා ආඥාපනත යටතේ 1966 නොවැම්බර මස 24 වන දින ආණ්ඩුකාර විසින් නිකුත් කරන ලද අංක 3571 ගැසට් නිවේදනය අනුව මෙය සිදුවිය. ජනගහන වර්ධනය සහ අනෙකුත් නාගරික ගැටළු පදනම්ව සංවර්ධන සැලසුම්හි අවශ්‍යතාවය මතුවිණි. එබැවින් නගරය, නාගරික සංවර්ධන ප්‍රදේශයක් ලෙස 1978 අංක 41 නාගරික සංවර්ධන අධිකාරි පනතෙහි වගන්ති අංක 3 යටතේ 1979.06.01 දිනැති අංක 38/16 අතිවිශේෂ ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශයට පත් කරන ලදී. මෙහි මූලික අරමුණ වූයේ නගරය තුළ ජනගහන වර්ධනය හේතුවෙන් ඇති වූ නාගරික විවිධාංගිකරණය විධිමත් කිරිමය. මේ අනුව නාගරික සංවර්ධන අධිකාරිය ගාල්ල මහා නගර සීමාව සඳහා 2008-2025 යන කාල පරිච්ඡේදයට අදාළව සංවර්ධන සැලසුමක් සකස් කොට එය 2009 වසරේදී ගැසට් කර ප්‍රකාශ කරන ලදී. වර්තමානයේ මෙම සැලසුම භාවිතා වේ.
ගාල්ල යනු දකුණු පළාත තුළ ප්‍රධාන නාගරිකය වුවද මෙහි සංවර්ධනයෙහි පසුබෑමක් ඇත. නගරය තුළ බොහෝ සංවර්ධන කාර්යන් සඳහා විභවයක් පැවතියද ඒවා නිසි පරිදි සැලසුම්ගත ක්‍රමයකට සංවර්ධනය කිරීමට නිසි අයුරින් හදුනාගෙන නොමැත. එබැවින් සංවර්ධන ප්රවණතා සහ සංවර්ධනය සඳහා ඇති විභවය සලකා ගාල්ල මහා නගර සීමාව "මහා ගාල්ල (Greater Galle) ලෙස ගැසට් කරන ලදී. මෙම සීමාව නාගරික සංවර්ධන ප්‍රදේශයක් ලෙස වසර 2005 දෙසැම්බර් මස 01 වන දින අංක 1421/29 ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශ කර ඇත. මෙය මෑත කාලීන සංවර්ධනය සහ පසුගිය වසර කිහිපය තුළ ක්‍රියාත්මක වූ දිගු කාලීන නාගරික දියුණු කිරීමේ ක්‍රියාවලිය යන කරුණු දෙකම සලකා මෙලෙස ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශයට පත් කර ඇත. මේ අනුව මහා ගාල්ල සඳහා සංවර්ධන සැලැස්ම සැකසීම 2017 වසර මුල් භාගයේදී ආරම්භ වූ අතර මෙය වසර 12 ක් සඳහා මහා ගාල්ල සීමාවහි පසුබිම සහ සංදර්භය පුළුල් ලෙස අධ්‍යනයකින් පසු සැලසුම් කර ඇත. එහිදී සෞභාග්‍යය දැක්ම ජාතික ප්‍රතිපත්ති ප්රකාශනයේ 05 වන පරිච්ජේදය වන ජනතා කේන්ද්‍රීය ආර්ථිකය. 07 වන පරිච්ජේදයේ භෞතික හා අවකාශ භාවිතයේ නව ප්‍රවේශය, 08 වන පරිච්ඡේදය වන තිරසාර පරිසර ප්‍රතිපත්තියක්, 09 වන පරිච්ජේදය වන ඉතිහාසය, පුරා විද්‍යාව හා ජාතික උරුමයන් යන විෂය ක්ෂේත්රයන් ආවරණය කරමින් ජාතික නගරයක් ලෙස හඳුනාගත් ගාල්ල නගරයේ මහා ගාල්ල සංවර්ධන සැලසුම සකස් කර ඇත.