


Comments are not enabled for this post.
Loading comments...
Fetching the latest discussions
ක ශ්‍රී ලංකාවේ නාගරික සංවර්ධනයේ ප්රමුඛ ආයතනය ලෙස නාගරික සංවර්ධන අධිකාරිය ක්‍රියාත්මක වන අතර, 1978 අංක 41 දරණ නාගරික සංවර්ධන අධිකාරී පනත මගින් පනවන ලද බලය තුළ සංවර්ධන අධිකාරි ප්‍රදේශයක් ප්‍රකාශ කිරීම. සැලසුම් සකස් කිරීම හා ක්‍රියාත්මක කිරීමේ බලය අධිකාරියට හිමි වේ. 1982 අංක 4 දරණ පනත මගින් සංයෝධිත 1978 අංක 41 දරණ නාගරික සංවර්ධන අධිකාරිය පනතේ 8 අ වහන්සියේ පැවරී ඇති බලතල ප්‍රකාරව එම පනතේ 3 (1) වගන්තියට අනුව 2001/04/102 අංක 1179/11 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් නාගරික සංවර්ධන ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලද මිහින්තලය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ඉඩම් හා ගොඩනැගිලි පිළිබදව ඒකාබද්ධව සැලසුම් කිරීම සහ භෞතික වශයෙන් සංවර්ධනය කිරීම, ප්‍රවර්ධනය කිරීම සහ විධිමත් කිරීම සදහා ඉහත පහතේ 8 (4) වගන්සිය යටතේ පැවරී ඇති බලතල අනුව නාගරික සංවර්ධන අධිකාරිය විසින් ප්‍රජාව වෙත සලසා දෙනු ලබන පහසුකම් සහ සේවා සැලකිල්ලට ගෙන මිහින්තලය බල ප්‍රදේශය සදහා මෙම සංවර්ධන සැලැස්ම පිළියෙල කරනු ලැබේ.
නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ප්‍රදේශයේ සංවර්ධන අවශ්‍යතාවයන් හදුනාගනිමින් 2011 වසරේ ? මිහින්තලය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී කොට්ඨාශ 06 ක් සදහා දළ නගර සංවර්ධන සැලැස්මක් විස්තරාත්මක ලෙස සකස් කරන ලදි. එය වසර 2030 දක්වා සතපන ලද අතර කෙටි කාලයක් තුල ප්‍රදේශයේ සිදු වූ වෙනස්කම් හා සංවර්ධනයන් නියාමනය නව ප්‍රවේශයක් තුලින් සකස් කිරීම වඩාත් උචිත වන හෙයින් ප්‍රදේශයේ භෞතික, සාමාජයීය ආර්ථික හා පරිසර සම්බන්ධතාවයන් කළමනාකරණය පිරීමට 2021 සිට 2030 දක්වා කාල පරාසයකට නව සැලසුමක් සකස් කිරිම ආරම්භ කරන ලදි.
නාගරික සංවර්ධන ප්‍රදේශය ලෙස ප්‍රකාශයට පත් කරන ලද ග්‍රාම සේවා වසම් 25 කින් සමන්විතහෙක්ටයාර් 23570 ක වපසරියකින් යුත් ප්‍රදේශයෙන් සැලසුම් ප්‍රදේශය ලෙස ග්‍රාම සේවා වසම් 15 කින් යුතු හෙක්ටයාර් 8369 ක ප්‍රදේශය සඳහා විස්තරාත්මක සැලසුම් සකස් කර ඇති අතර, ඉහත සඳහන් වූ මුළු ප්‍රදේශයට කලාපිකරණ නියමතා සකස් කර ඇත.