


Comments are not enabled for this post.
Loading comments...
Fetching the latest discussions
නාගරික ප්රදේශයක් තුළ ඉදිරි කාලය සඳහා නව සංවර්ධන සැලැස්ම සකස් කිරීමේදී එහි සමාජීය,
ආර්ථික, රාජ්යපාලනික, සංස්කෘතික, පාරිසරික හා භෞතික තත්ත්වයන් යන කරුණු මුල් අවධානය
යොමු කළ යුතුය. එසේම නගරයන්හි පැවැත්ම, එහි ආකෘතිය හා ක්රියාවලියේ තීවෘතාවය සහ
අංශයන්හි ඇති බලපෑම්, අවකාශයන්, දුර්වලතා සහ අභියෝගයන්ගේ තීවෘතාවය අවධානයේ
ගන්නා ලෙස සැලකිය යුතුය.
ශ්රී ලංකාවේ නාගරික සංවර්ධන හා ඒ ආශ්රිත සංවර්ධන හා ප්රධාන නියාමන ආයතන
වශයෙන් නාගරික සංවර්ධන අධිකාරිය හදුනාගෙන ඇත. නාගරික සංවර්ධන අධිකාරියට ශ්රී
ලංකාවේ නාගරික සැලසුම්කරණය සඳහා වූ බලතල 1978 අංක 41 දරණ නාගරික සංවර්ධන
අධිකාරී පනත් හා ඒ යටතේ සකස් කරන ලද 1982 අංක 04 දරණ නාගරික සංවර්ධන
අධිකාරී සංශෝධන පනත් මගින් හිමි කර ඇත. එම නීතිමය රාමුව තුළ නාගරික සංවර්ධන
අධිකාරිය යම් නාගරික ප්රදේශයක් සඳහා සදහන් කළ සමාජීය, ආර්ථික, රාජ්යපාලනික,
සංස්කෘතික, පාරිසරික හා භෞතික තත්ත්වයන් අධයයනය කර, එම ප්රදේශයේ ඇති නව
ප්රවණතා හා විභවතා හදුනාගෙන, පවතින දුර්වලතා හා අභියෝග නිසි කළමනාකරණය
කර, ඉදිරි නිශ්චිත කාල සීමාව සඳහා නිසි දැක්මක් යටතේ සංවර්ධන සැලසුම් සකස් කරනු
ලැබේ. එම සැලසුම් ප්රදේශයේ ජනතාවට, සංක්රමණික ජනතාවට සහ සියලු පාර්ශවයන්ගේ
ඉදිරි සංවර්ධනයට සහය වන ආකාරයට සකස් කරනු ලබයි.
1978 නාගරික සංවර්ධන අධිකාරී පනත් අනුව 1979 ජූනි 01 වන දින අංක 38/16 යටතේ
නුවරඑළිය මහ නගර සභා සීමාව නාගරික සංවර්ධන අධිකාරී ලේ ප්රදේශයක් ලෙස නම්
කර ඇති අතර 1998 සැප්තැම්බර් 08 දිනැති අංක 1546/04 දරණ ගැසට් පත්රය මගින්
නුවරඑළිය ප්රාදේශීය සභා සීමාවද නාගරික සංවර්ධන අධිකාරී ලේ ප්රදේශයක් ලෙස නම්
කර ඇත.
එ අනුව නුවරඑළිය මහ නගර සභා සීමාව සඳහා නාගරික සංවර්ධන අධිකාරිය මගින් 2004
වසරේදී නව සංවර්ධන සැලැස්ම සකස් කරන ලද අතර 2022 වසරේදී එය කල් ඉකුත් වනු
ලබේ. ඒ අනුව නව සංවර්ධන සැලැස්මක් නුවරඑළිය මහ නගර සීමාව හා ඒ ආශ්රිත
නුවරඑළිය ප්රාදේශීය සභා සීමාවට අයත් ග්රාම සේවා වසම් 05ක් ඇතුළත් වන පරිදි
නව “විසල් නුවරඑළිය සංවර්ධන සැලැස්ම” ඉදිරි අවුරුදු 10 සඳහා ඉදිරිපත් කරනු ලබේ.
එම සංවර්ධන සැලැස්ම මගින් නව සංවර්ධන උපාය මාර්ග, යොරුගුලාසි හා නියමයන් හදුන්වා
දීමටත් අවධානය යොමු කර ඇත.